සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර පැවති තුන්වන සහ අවසන් එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුලු 6 ක ජයක් හිමිකර ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත්ව තිබෙනවා.
පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 41යි පන්දු 3කදී සියලු දෙනා දැවී ලකුණු 157ක් ලබා ගත්තා.
ජයග්‍රාහී ඉලක්කය හඹා ගිය නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 32යි පන්දු 5ක් තුළ කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 159ක් ලබාගනිමින් ජය වාර්තා කිරීමට සමත් වුණා.
එහිදී අගනා පිතිහරඹයක නිරත වූ Will Young නොදැවී ලකුණු 86ක් සහ Henry Nicholls නොදැවී ලකුණු 44ක් ලබා ගත්තා.
ඒ අනුව 2 – 0ක් ලෙස නවසීලන්ත කණ්ඩායම තරගාවලියේ ජය හිමිකරගත් අතර මෙම තරගාවලියේ දෙවන තරගය වර්ෂාව හේතුවෙන් අත්හැර දැමුණා.
තරගයේ ලකුණු සටහන පහතින්…….