A Brand of Non Media Shout (Private) Limited

ICC T20 ලෝක කුසලානයට සියල්ල සූදානම්

2021 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය අදින්(17) ආරම්භ වනවා. ඕමානයේ දී හා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වෙන මෙවර තරගාවලිය ලබන නොවැම්බර්

මිතුරන් සමග ‌බෙදාගන්න

2021 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය අදින්(17) ආරම්භ වනවා.

ඕමානයේ දී හා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වෙන මෙවර තරගාවලිය ලබන නොවැම්බර් 14 වනදා දක්වා ක්‍රීඩාංගන 4කදී පැවැත්වීමට නියමිතයි.

රටවල් 16ක් එක්වන තරගාවලියේ පළමු වටයේ තරග ආරම්භ කරමින් ඕමානය හා පැපුවා නිව් ගිනියාව අද තරග බිමට පිවිසෙන්නේ ඕමාන් ක්‍රිකට් ඇකඩමි ක්‍රීඩාංගණයේ දී යි.තරගය මෙරට වේලාවෙන් පස්වරු 3.30 ට ආරම්භ වීමට නියමිතයි.

තරගාවලියේ දෙවැනි තරගය ද අද පැවැත්වෙන අතර, බංග්ලාදේශය සහ ස්කොට්ලන්තය අතර පැවැත්වෙන එම තරගය මෙරට වේලාවෙන් රාත්‍රී 7.30ට ඕමාන් ක්‍රිකට් ඇකඩමි ක්‍රීඩාංගනයේදී ම ආරම්භ වනු ඇති.

සුපිරි 12 වටය සඳහා මේ වන විටත් රටවල් 8ක් සුදුසුකම් ලබා අවසන්. ලංකාව ද පළමු වටයේ තරඟ සඳහා ක්‍රීඩා කිරීමට නියමිතව ඇති අතර ඔවුන් හෙට නැමීබියාවට එරෙහිව තරග බිමට පිවිසෙනවා.

තවත් පුවත්