අමෙරිකාවට අයත් LNG හෙවත් ද්‍රවීකෘත ස්වභාවික වායු ගබඩා කර තබා ගැනීමට චීනය සූදානම් වෙයි.
විදෙස් වාර්තා පවසන්නේ, ගෑස් මිල ඉහළ යාම සහ ගෘහස්ථ බලශක්ති හිඟය හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවය.
මේ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට ප්‍රධාන චීන බලශක්ති සමාගම්, අමෙරිකාව සමග සාකච්ජා කිරීමට නියමිත ය.
මේ වසරේදී ආසියානු කලාපීය රටවල ස්වභාවික ගෑස් මිල, පැවති අගයට වඩා පස් ගුණයකින් පමණ ඉහළ ගොස් ඇති බව ද විදෙස් වාර්තා පෙන්වා දෙයි.