A Brand of Non Media Shout (Private) Limited

“මම නිවුන් දරුවන්ට ගොඩක් කැමතියි” නතාෂා පෙරේරා

රංගන ශිල්පිනියක්,නර්තන ශිල්පිනියක් ඒ නීතිඥවරියක් විදිහට තමන්ගෙ කුසලතාවයන් හරියාකාරව ඔප මට්ටම් කර ගත්ත දක්ෂ කලාකාරිනියක් තමයි නතාෂා පෙරේරා කියන්නේ. නතාෂා කලා ලෝකයත් එක්ක අත්වැල්

මිතුරන් සමග ‌බෙදාගන්න

රංගන ශිල්පිනියක්,නර්තන ශිල්පිනියක් ඒ නීතිඥවරියක් විදිහට තමන්ගෙ කුසලතාවයන් හරියාකාරව ඔප මට්ටම් කර ගත්ත දක්ෂ කලාකාරිනියක් තමයි නතාෂා පෙරේරා කියන්නේ. නතාෂා කලා ලෝකයත් එක්ක අත්වැල් බැඳගන්නේ කුඩා අවධියේ පටන්. ඉතින්  අපි අද ඔබට කියන්න යන්නේ ඇය එක්තරා අවස්ථාවකදී ප්‍රේක්ෂකයන් සමඟ හුවමාරු කරගත් ඒ සුන්දර අදහස් කීපයක් පිළිබඳවයි.

මේ සුන්දර කලාකාරිනිය ට බොහෝ දෙනෙක් ආදරය කරන්න පටන් ගන්නේ ඇය විසින් ගායනා කෙරූ සුළඟක් වී මං යනවා දුර අහසේ ඇවිදින්න කියන ගීතයෙන් සහ ඇය විසින් රංගනයෙන් දායක වූ “දඟමල්ල” ටෙලි නිර්මාණයක් නිසයි.

අපි විවිධ අවස්ථාවන්වලදී නතාෂා පෙරේරා ගත කරන ඒ සුන්දර ජීවිතය පිළිබඳව අදහස් ඔබත් සමග හුවමාරු කර ගත්තා. ඉතින් අද දවසෙත් අපි ඔබට කියන්න යන්නේ ඇයගේ ජීවිතයේ තියෙන තවත් සුන්දර කරුණක් පිළිබඳවයි. නතාෂා විවාහ වෙන්නේ ක්ෂේත්රය අති දක්ෂ ගායකයෙක් වන ප්‍රිහාන් සමඟයි.

ඔවුන් දෙදෙනාගේ විවාහ මංගල්‍ය උත්සවයක් බොහෝ දෙනෙක්ගේ කතාබහට ලක් කෙරුණු විවාහයක් වුණේ නතාෂාගේ මංගල සාරිය මිලෙන් අධික නිර්මාණයක් වූ නිසයි. විවාහයෙන් පස්සේ වැඩිදුර අධ්‍යාපන කටයුතු සඳහා ආදරණීය සැමියා සමඟ විදෙස් ගත වන ඇය මේ වන විට නම් ලංකාවට ඇවිල්ලා තමයි ජීවත් වෙන්නේ.

මීට කලකට ඉහතදී ඇය සම්මුඛ සාකච්ඡාවකට සහභාගී වෙලා එහිදී ඉදිරි වැඩ කටයුතු සහ ඇයගේ ගේ අධ්‍යාපනික වැඩ කටයුතු පිළිබඳව නතාෂා අදහස් දක්වපු අතර ඒ අතරතුර වැඩසටහන් නිවේදකයා ඇගෙන් අහනවා එක්තරා ප්‍රශ්නයක්. ඇය අහනවා ඔබ නිවුන් දරුවන්ට වැඩිපුර ආශාවක් දක්වනවා කියලා කට කටකතාවක් යනවා ඒක ඇත්තද කියලා. ඉතින් ඒ සඳහා නතාෂා දුන් පිළිතුර පහතින් දක්වා ඇත.

“මම නිවුන්නුන්ට පුංචි කාලේ ඉදන් කැමතියි. ගොඩක් ආදරෙයි. ඒක ඇයි දන්නෙ නෑ. ප්‍රිහාන්ගේ පවුලේ ප්‍රිහාන්ට ඉන්නවා නිවුන් සහෝදරයෙක් සහ සහෝදරියක්. ඔවුන්ව දැක්කහමත් මට ඉතින් ගොඩක් ආස හිතෙනවා. ඉතින් ඒ නිසා වෙන්න ඇති. ඉතින් එහෙම විශේෂ හේතුවක්වත් විශේෂ දෙයක් වත් නැහැ. දරුවෝ කියන්නේ කොහොමත් අපිට දෙවියන්ගෙන් ලැබෙන සම්පතක්. ඔවුන් කවුරු වුනත් ඒක වටිනම සම්පතක්.”

ඇය දරුවන් සම්බන්ධයෙන් ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ ඒ විදිහටයි. ඉතින් නුදුරු අනාගතයේදී මේ කලාකරුවන් දෙදෙනාටම ඔවුන් සිතන පැතුම් ඉටුවන ජීවන කාලයක් ගත කරන්නට හැකියාව ලැබේවා කියා අපි ප්‍රාර්ථනා ය කරන්නේමු.

තවත් පුවත්