A Brand of Non Media Shout (Private) Limited

ක්‍රිකට් ලෝක වාර්තාව අලුත් කළ ජයසූරිය…

ටෙස්ට් ක්‍රිකට් තරග ඉතිහාසයේ වේගවත්ම ටෙස්ට් කඩුලු 50 දවා ගනු ලැබූ දඟ පන්දු යවන්නා බවට ප්‍රභාත් ජයසුරිය අද (අප්‍රේල් 28වැනිදා) වාර්තා පොත් අතරට එක්

මිතුරන් සමග ‌බෙදාගන්න

ටෙස්ට් ක්‍රිකට් තරග ඉතිහාසයේ වේගවත්ම ටෙස්ට් කඩුලු 50 දවා ගනු ලැබූ දඟ පන්දු යවන්නා බවට ප්‍රභාත් ජයසුරිය අද (අප්‍රේල් 28වැනිදා) වාර්තා පොත් අතරට එක් විය.

ඔහු එම දක්ෂතාව දැක්වුයේ තමන් ක්‍රීඩා කරන 07 වන ටෙස්ට් තරගයේදී වීම විශේෂත්වයකි.

ඒ අනුව ප්‍රභාත් ජයසුරිය ශ්‍රී ලංකාව වෙනුවෙන් වේගවත්ම ටෙස්ට් කඩුලු 50ක් දවා ගනු ලැබූ පන්දු යවන්නා ලෙසට ද ඉතිහාසයට එක්විය.

මීට අමතරව ප්‍රභාත් ජයසුරිය ලෝක ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ වේගවත්ම කඩුලු 50 දවා ගනු ලැබූ පන්දු යවන්නන්ගේ ලැයිස්තුවේ දෙවන සම තැනට පත්ව තිබේ.

ඒ, මිට පෙර එම දස්කම දක්වා තිබු දකුණු අප්‍රිකානු වේග පන්දු යවන ක්‍රීඩක වර්නන් ෆිලෙන්ඩර් සම කරමින්ය.

ලෝක ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ වේගවත්ම කඩුලු 50ක් දවා ගත් පන්දු යවන්නා ලෙස සැලකෙන්නේ ඕස්ට්‍රේලියානු පන්දු යවන්නෙකු වන චාර්ල්ස් තෝමස් ටර්නර්.
ඔහු ටෙස්ට් තරග 06කදී කඩුලු 50ක් දවා ගෙන තිබේ.

තවත් පුවත්