A Brand of Non Media Shout (Private) Limited

දනුෂ්කගේ නඩුව කතා කරන නීති බලධාරීන්ගෙන් නඩු ගාස්තු ඉල්ලයි…

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට එල්ල වී ඇති ස්ත්‍රී දුෂණ චෝදනා වලට වරද පිළිගන්නේද නැද්ද යන්න ප්‍රකාශ කිරීම සඳහා තවත් සති දෙකක් බලා

මිතුරන් සමග ‌බෙදාගන්න

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට එල්ල වී ඇති ස්ත්‍රී දුෂණ චෝදනා වලට වරද පිළිගන්නේද නැද්ද යන්න ප්‍රකාශ කිරීම සඳහා තවත් සති දෙකක් බලා සිටීමිට සිදුවීම හේතුවෙන් නිව් සවුත් වේල්ස් නීති බලධාරීන්ගෙන් නඩු ගාස්තු අය කර ගැනීමට බලාපොරොත්තුවන බව ධනුෂ්ක ගුණතිලක වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරයා අධිකරණය හමුවේ ප්‍රකාශ කර ඇත.

ගුණතිලකගේ නීතිඥවරයා අද (04) දින නඩුව කැඳවූ අවස්ථාවේදී මේ බව ප්‍රකාශ කර ඇත.ධනුෂ්ක ගුණතිලක විදෙස් ජාතිකයෙකු බැවින් නඩුව කල් තැබීමෙන් මහත් අපහසුතාවයකට මුහුණ දීමට සිදුවන බවත් දැඩි ඇප කොන්දේසි මත සිටීම හේතුවෙන් ඔහුට කිසිඳු සහායක් නොමැති බවත් ඒ හේතුවෙන් නඩු දිනය ප්‍රමාද වීම පිළිගත නොහැකි බවත් නීතිඥවරයා පෙන්වා දී තිබේ.

ඒ හේතුවෙන් මීළඟ නඩු දිනය වන එළඹෙන 18 වැනිදා, නිව් සවුත් වේල්ස් නීති බලධාරීන්ගේ අධ්‍යක්ෂකවරයාගෙන් නඩු ගාස්තු ඉල්ලා අයැදුම් පත්‍රයක් අධිකරණයේ හමුවේ ගොනු කිරීමට සුදානම් බව ගුණතිලකගේ නීතිඥවරයා පවසා ඇත.

තවත් පුවත්