පසුගිය දින දෙකේදී බලාපොරොත්තු වූ ප්‍රමාණයට වඩා ඉන්ධනහල් මෙන්ම පාරිභෝකයින් ඉන්ධන ලබාගැනීම මිස ඒ සම්බන්ධ වෙනත් ගැටලුවක් නැතැයි ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති නීතිඥ සුමිත් විජේසිංහ මහතා පවසයි.
ඔහු වැඩිදුරටත් කියා සිටියේ IOC සමාගම තෙල් නිකුත් කිරීම නතර කර නොමැති බවය.
ඉකුත් සිකුරාදා සහ සෙනසුරාදා දින දෙකේදී බලාපොරොත්තු වූ ප්‍රමාණයට වඩා වැඩි පිරිසක් ඉන්ධන පිරවුම්හල්වලින් ඉන්ධන ලබාගත් බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
“ලෝක වෙළෙඳපොලේ තෙල් මිල පාලනය අපට කරන්න බැහැ. ඒ අනුව අපේ ඉන්ධන මිල සම්බන්ධයෙන් රජය විසඳුමක් ලබා දෙයි. පසුගිය සිකුරාදා සහ සෙනසුරාදා දින දෙකේදී බලාපොරොත්තු වූ ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණක් ඉන්ධන පිරවුම්හල්වලට ඉන්ධන ලබාගත්තා. ඒ වගේම පරිභෝගිකයිනුත් ඉන්ධන ලබාගැනීම වෙනදාට වඩා සිදුකරා. ඒ නිසා මෙම නිවාඩු දවස් දෙක සමග ඇතිවූ ප්‍රශ්නයක් මිස, මම හිතන්නේ LIOC සමාගම තෙල් නිකුත් කිරීම නතර කර නැහැ.”