A Brand of Non Media Shout (Private) Limited

ජනක රත්නායක තනතුරින් ඉවත් කිරීමේ යෝජනාව සම්මත වේ…

ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා එම තනතුරින් ඉවත් කිරීමේ යෝජනාව වැඩි ඡන්ද. 46  කින් පාර්ලිමේන්තුවේදී අද (24) සම්මතවිය. යෝජනාවට

මිතුරන් සමග ‌බෙදාගන්න

ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා එම තනතුරින් ඉවත් කිරීමේ යෝජනාව වැඩි ඡන්ද. 46  කින් පාර්ලිමේන්තුවේදී අද (24) සම්මතවිය.

යෝජනාවට පක්ෂව ඡන්ද 123 ක් ලැබුණු අතර ඊට විරුද්ධව ලැබුණේ ඡන්ද 77 ක් පමණි.

සමගි ජන බලවේගය, ජනතා විමුක්ති පෙරමුණ, නිදහස ජනතා සභාව, උත්තර ලංකා සභාගය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යන දේශපාලන පක්ෂවල බහුතර මන්ත්‍රීවරු පිරිසක් යෝජනාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළහ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් ඡන්දය ප්‍රකාශ කළේ යෝජනාවට පක්ෂවය.

රුපියල් කෝටි 8ක රත්රන් සමග කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගනු ලැබ රුපියල් ලක්ෂ 75 ක දඩයක් මත මුදා හැරුණු පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී අලි සබ්‍රි රහීම් මහතාද විවාදයේ දී යෝජනාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළේය.

ජනක රත්නායක මහතා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ධූරයෙන් ඉවත් කිරීමේ යෝජනාව පිළිබඳ විවාදය ඊයේ (24) දවස පුරා පැවැත්විණ. විවාදයේදී ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරු විස්සකට වැඩි පිරිසක් අදහස් දැක්වූහ.

මේ යෝජනාව පාර්ලිමේන්තුවේදී සම්මතවීම හේතුවෙන් ජනක රත්නායක මහතාට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ධූරයෙන් ඉවත්වීමට සිදු වනු ඇත.

තවත් පුවත්