ඩෙංගු මර්දන වැඩසටහන හේතුවෙන් රෝග ව්‍යාප්තියේ අඩුවීමක් අපේක්ෂා කළහැකි බව කොළඹ මහ නගර සභාව පවසයි.
ඩෙංගු මර්දනය කිරීම සඳහා අනුගමනය කරන වැඩසටහන් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බව එහි ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුවන් විජයමුණි සඳහන් කළේ ය.
මෙතෙක් සිදුකරන ලද පරික්ෂා කිරීම් වලදී මදුරුවන් බෝවන ස්ථාන තිස්දහසකට අධික සංඛ්‍යාවක් හඳුනාගත් බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
කෙසේ වෙතත් කීට විද්‍යා නිලධාරීන්ගේ සංගමයේ සභාපති නිජිත් සුමනසේන පැවසුවේ ඩෙංගු මර්දන සති ප්‍රකාශයට පත් කළ ද එමඟින් අපේක්ෂිත ප්‍රතිඵල අත්වී නොමැති බවයි.