ජාතික පොසොන් සතිය හෙට (31) සිට ආරම්භ වේ.
පොසොන් සතිය ජූනි 06 වැනි දා දක්වා ක්‍රියාත්මක වනු ඇත.
මෙවර ජාතික පොසොන් උත්සවය පැවැත්වෙන්නේ, මිහින්තලයෙ, අනුරාධපුර හා තන්තිරිමලය පුදබිම් කේන්ද්‍ර කර ගනිමිනි.
එම කාලසීමාව තුළ අනුරාධපුරය බලා අතිරේක දුම්රිය ගමන් වාර කිහිපයක් යොදවන බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසීය.
ඒ අනුව දැනට අනුරාධපුරය දක්වා පවතින දුම්රිය ගමන්වාර 10ට අමතරව තවත් දුම්රිය ගමන්වාර 10ක් අමතරව එක් කෙරෙනු ඇති.
පොසොන් උත්සව සමයේ දිස්ත්‍රික්කය පුරා අතිරේක බස් රථ 400 ක් යොදවා ඇතැයි ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පැවසීය.
පිටකොටුවේ සිට අනුරාධපුර දක්වාත් අතිරේක ගමන් වාර කිහිපයක් ක්‍රියාත්මකය.
පොසොන් සතිය තුළ අනුරාධපුර දිස්ත්‍රික්කයේ සියලුම සුරාසැල් වසා දමන බව අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ජනක ජයසුන්දර පැවසීය.