අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ලබන ආගෝස්තු මාසයේදී නිකුත් කරන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා කීය.
මේ වන විට උසස් පෙළ – 2022 විභාගයේ පිළිතුරු පත් ඇගයීමේ කටයුතු සාර්ථකව සිදුකරන බවද විද්‍යා විෂයන්ගේ පිළිතුරු පත්‍ර ඇගයීම ජුනි මස මැද දී ආරම්භ කරන බවද විභාග කොමසාරිස් ජනරාල්වරයා පැවසීය.
පිළිතුරු පත් ඇගයීම සඳහා ගෙවනු ලබන දීමනාව ඉහළ දැමීමට භාණ්ඩාගාරයට ඉල්ලීමක් කර තිබෙන බවද අනුමැතිය හිමිවූ පසුව ඒ සඳහා පියවර ගන්නා බවද ජයසුන්දර මහතා සඳහන් කළේය.