A Brand of Non Media Shout (Private) Limited

ඉන්ධන මිලේ සංශෝධනයක්…

අද (31) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කර තිබෙනවා. ඒ අනුව ලංකා පෙට්‍රල් 92 ඔක්ටේන් ලීටරයක් රුපියල් 15කින් අඩු කෙරෙන

මිතුරන් සමග ‌බෙදාගන්න

අද (31) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කර තිබෙනවා.

ඒ අනුව ලංකා පෙට්‍රල් 92 ඔක්ටේන් ලීටරයක් රුපියල් 15කින් අඩු කෙරෙන අතර එහි නව මිල රුපියල් 318 ක් වනවා.

ලංකා පෙට්‍රල් 95 ඔක්ටේන් යූරෝ 4 ලීටරයක් රුපියල් 20 කින් මිළ ඉහළ යන අතර ඒ අනුව එහි නව මිල රුපියල් 385ක් බව සඳහන්.

එමෙන්ම ලංකා සුපිරි ඩීසල් 4 ස්ටාර් යුරෝ 4 ලීටරයක් රුපියල් 10කින් මිල ඉහළ යනවා.

ඒ අනුව එහි නව මිල රැපියල් 340 ක් බව සඳහන්.

මීට අමතරව ලංකා භූමිතෙල් ලීටරයක් රැපියල් 50කින් අඩු කෙරෙන අතර නව මිල රුපියල් 245ක් වනවා.

ලංකා කාර්මික භූමිතෙල් ලීටරයක් රුපියල් 60කින් පහත දමා ඇති අතර රුපියල් 270 ක් ලෙසයි නව මිල දැක්වෙන්නේ

තවත් පුවත්