ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්තාන පළමු එක්දින තරගය හෙට (02) හම්බන්තොට දී පැවැත්වෙයි.
එම තරගය සඳහා මෙවර IPL ශූරතාවය දිනූ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ තරුවක්වූ , වේගපන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණව කැඳවීමට බලාපොරොත්තු වනබව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානක පැවසීය.
දෙරට අතර එක්දින තරගාවලිය ජුලි මස 02 වනදා හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී දිවා තරගයක් ලෙසින් පෙ.ව. 10.00 ට ආරම්භ වෙයි.
මෙම තරගාවලියේ දෙවැනි තරගය ජුලි 04 වනදා සහ තෙවැන්න ජුලි 07 වනදාත් හම්බන්තොටදී පැවැත්‌වීමට නියමිතය.