A Brand of Non Media Shout (Private) Limited

ජනපති රනිල් සිදු කළ විශේෂ ප්‍රකාශය

දුර්වල වී අඩපණ වී තිබූ ආර්ථිකය කිසියම් ස්ථාවර තත්ත්වයකට පත් වෙමින් පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළා. ජාතික පරිවර්තන මාර්ග සිතියම පිළිබඳව

මිතුරන් සමග ‌බෙදාගන්න

දුර්වල වී අඩපණ වී තිබූ ආර්ථිකය කිසියම් ස්ථාවර තත්ත්වයකට පත් වෙමින් පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළා.

ජාතික පරිවර්තන මාර්ග සිතියම පිළිබඳව ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් ජනාධිපතිවරයා කියා සිටියේ මෙම තත්ත්වය උදා කර ගැනීමට හැකි වූයේ පසුගිය කාලය තුළ ක්‍රියාත්මක කළ නිවැරදි පිළිවෙත් නිසා බවයි.

එමෙන්ම තව සුළු කාලයක් මෙම මාර්ගයේම ගමන් කිරීමෙන් දුෂ්කරතා හා පීඩාවන් අවම කර ගනිමින් යහපත් ආර්ථිකයක් නිර්මාණය කර ගත හැකි බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ

මීට වසරකට පෙර තිබූ තත්ත්වයට රට යළි ඇද දැමීමට කිසිවෙකුට ඉඩ නොදෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

ඒ අනුව ජනාධිපතිවරයා අවධාරණය කළේ තම අරගලය 2048 වන විට ලෝකයේ පූර්ණ සංවර්ධිත රටක් බවට ශ්‍රී ලංකාව පත් කිරීම බවය.

තවත් පුවත්