යුක්‍රේන ගුවන් ආරක්ෂක අංශ විසින් කියෙව් නගරයට ඉහලින් ගමන් කළ මිසයිල සහ ඩ්‍රෝන යානා 30ක් බිම හෙළා ඇති බව එරට හමුදා නිලධාරියෙක් සඳහන් කරනවා.
කියෙව් නගරයේ හමුදා පරිපාලනයේ ප්‍රධානී Serhiy Popko සඳහන් කර ඇත්තේ මෙය පසුගිය දින හය තුළ යුක්‍රේන අගනුවරට එල්ල වූ හයවන ප්‍රහාර රැල්ල බවයි.
සිදුවූ හානි පිළිබඳව හෝ ජීවිත හානි පිළිබඳව තවමත් තොරතුරු වාර්තා වී නොමැති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ
යුක්‍රේනය පුරා ගුවන් ප්‍රහාර අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බවද විදෙස් මාධ්‍ය පවසනවා
මේ අතර යුක්‍රේන ආක්‍රමණය ආරම්භයේ සිට රුසියාවට හමුදා භටයින් 200,000කට වැඩි ප්‍රමාණයක් අහිමි වී ඇති බව එරට හමුදාව සඳහන් කරනවා