A Brand of Non Media Shout (Private) Limited

ජනපතිගේ පොසොන් දින පණිවිඩය

මිහිඳු මහරහතන් වහන්සේ මෙරටට වැඩම කළ උතුම් පොසොන් පසළොස්වක පොහොය දිනය හෙටට(13) යෙදී තිබෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිය පොසොන් දින පණිවිඩය මෙලෙස ඉදිරිපත් කර

මිතුරන් සමග ‌බෙදාගන්න

මිහිඳු මහරහතන් වහන්සේ මෙරටට වැඩම කළ උතුම් පොසොන් පසළොස්වක පොහොය දිනය හෙටට(13) යෙදී තිබෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිය පොසොන් දින පණිවිඩය මෙලෙස ඉදිරිපත් කර තිබෙනවා.

මිහිඳු මහ රහතන් වහන්සේගේ වැඩම කරවීම ශ්‍රී ලාංකීය ඉතිහාසයේ ආගමික වශයෙන් වටිනාම සන්ධිස්ථානය බව අවිවාදිත වන බවත් ඉන් සමාජ, සංස්කෘතික හා දේශපාලන වශයෙන් අප අත්පත් කරගත් වටිනාකම් බොහෝ බවත් ජනපති සිය පොසොන් දින පණිවිඩයේ දී සිහිපත් කර සිටිනවා.

වැව,කෙත, දාගැබ මත ස්වයංපෝෂිත වූ ආර්ථිකයකට මග පෙන්වූ ධර්ම සංවාදය ද දේශපාලන සමාජ සංස්කෘතික සංවාදය ද බිහිවූයේ මිහිඳු මහරහතන් වහන්සේගේ ආගමනයත් සමඟින් බව පවසන ජනපතිතුමන් එම ප්‍රතිපදාගත ධර්ම මාර්ගයේම යමින් රටේ මතුව තිබු, දැන් ක්‍රමිකව විසඳමින් තිබෙන දේශපාලන සමාජ ආර්ථික වියවුල සමනය කොට ශ්‍රී ලංකාව නැවත දියුණු රාජ්‍යයක් ලෙස ලෝකය හමුවේ ඔසවා තැබීමට අප සියලු දෙනා අදිටන් කර ගත යුතු බව සිය පණිවිඩයෙන් දන්වා සිටිනවා.

මිහිඳු මහ රහතන් වහන්සේගේ වැඩමවීමෙන් දායාද වූ පිවිතුරු බුදු දහමත්, හරවත් බොදු උරුමයත් සුරැකීමට කැප වන ලෙස මෙම පොසොන් පොහෝ දිනයේ සියලු බෞද්ධ ජනතාවගෙන් ඉල්ලා සිටින අතර සැමට පිංබර පොසොන් මංගල්‍යයක් වේවායි ! සිය පොසොන් දින පණිවිඩය ඔස්සේ ජනපතිතුමන් සුවහසක් බෞද්ධ ජනතාවට ප්‍රාර්ථනා කර සිටිනවා.

තවත් පුවත්