A Brand of Non Media Shout (Private) Limited

ඔස්ට්‍රේලියාවේදී මෙතෙක් හමුවූ විශාලතම හෙරොයින් තොගය

ඔස්ට්‍රේලියාවේදී මෙතෙක් හමුවූ විශාලතම හෙරොයින් තොගය පිළිබඳව එරට පොලීසිය නිවේදනය කළේය. ඒ අනුව අමෙරිකානු ඩොලර් මිලියන 104ක් ලෙස ඇස්තමේන්තු කර ඇති හෙරොයින් කිලෝ 450ක්

මිතුරන් සමග ‌බෙදාගන්න

ඔස්ට්‍රේලියාවේදී මෙතෙක් හමුවූ විශාලතම හෙරොයින් තොගය පිළිබඳව එරට පොලීසිය නිවේදනය කළේය.

ඒ අනුව අමෙරිකානු ඩොලර් මිලියන 104ක් ලෙස ඇස්තමේන්තු කර ඇති හෙරොයින් කිලෝ 450ක් මෙල්බර්න් වරායේ දී කන්ටේනරයක් තුළ තිබී සොයාගෙන තිබේ.

මෙල්බර්න් වරාය එරට විශාලතම වරාය වන අතර එම සොයාගැනීම සැප්තැම්බර් 29 වනදා සිදුකර තිබුණි.

හෙරොයින් තොගය සොයාගැනීමෙන් අනතුරුව මැලේසියානු ජාතිකයෙක් ව අත්අඩංගුවට ගත් බව ඔස්ට්‍රේලියානු පොලීසිය පැවසීය.

ඔහුට මේ වනවිට මත්ද්‍රව්‍ය තබාගැනීම සහ ආනයනය කිරීම සම්බන්ධයෙන් චෝදනා ගොනු කර ඇති අතර වැරදිකරු වුවහොත් ඔහුව ජීවිත කාලයටම සිරගත කළ හැකිය.

තවත් පුවත්