A Brand of Non Media Shout (Private) Limited

විදුලි බිල්පත් සදහා රජයෙන් සහනයක්

කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්ව සිටින සංචාරක හෝටල් වලට විදුලි බිල්පත් සදහා ලබා දී තිබු සහනය තවත් කෙටි කාලයකට හෝ ලබාදීම කෙරෙහි රජයේ

මිතුරන් සමග ‌බෙදාගන්න

කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්ව සිටින සංචාරක හෝටල් වලට විදුලි බිල්පත් සදහා ලබා දී තිබු සහනය තවත් කෙටි කාලයකට හෝ ලබාදීම කෙරෙහි රජයේ අවධානය යොමුව තිබෙනවා.

සංචාරක අමාත්‍යාංශය පැවසුවේ සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග ඒ සම්බන්ධයෙන් විදුලිබල අමාත්‍යවරයා  සමග සාකච්ඡා කිරිමට අපේක්ෂා කරන බවයි.

කොවිඩ් වසංගතය හේතුවෙන් සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදීංචි සංචාරක හෝටල් හා වාසස්ථාන සදහා විදුලි බිල්පත් ගෙවීම සදහා සහන කාලයක් ලබාදුන් අතර එය පසුගිය සැප්තැම්බර් මාසයෙන් අවසන් වුණා.

බිද වැටී ඇති සංචාරක ව්‍යාපාරය යළි යථා තත්ත්වයට පත් විම සදහා තවත් මාස කීපයක් ගත විය හැකි බැවින් තවදුරටත් එම සහනය ලබාදෙන ලෙස සංචාරක හෝටල් හිමියන්ගෙන් දිගින් දිගටම ඉල්ලිම් ලැබෙමින් පවතින බවයි සංචාරක අමාත්‍යාංශය පැවසුවේ.

එම ඉල්ලිම් සැලකිල්ලට ගෙන සංචාරක හෝටල් සඳහා ලබා දී ඇති එම සහනය තවත් කෙටි කාලයකට ලබාදීම කෙරෙහි අවධානය යොමු ව ඇති බව සංචාරක අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක සඳහන්.

තවත් පුවත්