A Brand of Non Media Shout (Private) Limited

දුරකථන සමාගම් විසින් ලබාදෙන Night Time Data පිළිබඳව පැහැදිලි කිරීමක්

ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිශන් සභාවේ කළමනාකාර අධ්‍යක්ෂක ඕශධ සේනානායක මහතා අද ජනාධිපති මාධ්‍ය අංශයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදි සඳහන් කල පරිදි, Night time

මිතුරන් සමග ‌බෙදාගන්න

ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිශන් සභාවේ කළමනාකාර අධ්‍යක්ෂක ඕශධ සේනානායක මහතා අද ජනාධිපති මාධ්‍ය අංශයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදි සඳහන් කල පරිදි, Night time හා Day Time ලෙස Data packages වෙන් කර ලබා දීමට තම ආයතනය අනුමැතිය ලබා දී නොමැති බව හෙළිදරව් කර සිටියා.

දුරකථන සමාගම් විසින් එලෙස සිදු කරන ලද්දේ ප්‍රචාරණ කටයුත්තක් පමණක් බවත්, සැබැවින්ම Night time data යනු Anytime data package එකක් සමඟ ලැබෙන free Data ප්‍රමාණයක් බවත්, ඒ සඳහා අදාළ සමාගම් මේ දක්වා මුදල් අයකිරීමක් සිදු කර නැති බවත් ඒ මහතා පෙන්වා දෙනවා.

දුරකථන සමාගම් විසින් සිදු කරන මෙම වැරදි ප්‍රචාරණය නිසා Night Data සම්බන්ධයෙන් පැමිණිලි විශාල ප්‍රමාණයක් පාරිභෝගිකයන්ගේ පාර්ශවයෙන් ලැබෙන බවත් ඒ මහතා මෙහිදී පෙන්වා දුන් අතර, ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටින්නෙ අදාළ දුරකථන සමාගම් විසින් දැනටමත් ලාභදායි Anytime data packages හඳුන්වාදී ඇති බැවින් එම Package වෙත යොමු වෙන ලෙසයි

කෙසේ නමුත් මේ හරහා පාරිභෝගිකයා හට විශේෂ වාසියක් අත් නොවනු ඇති අතර, අදාල පැකේජ පිළිබඳව වන වෙළඳ දැන්වීම් පමණක් වෙනස් වනු ඇත.

උදාහරණයක් ලෙස: 750MB Day/ 750MB Night දත්ත ප්‍රමාණයක් ලබාදෙන පැකේජයක් දැනට අලෙවිකරණයේදී හඳුන්වන්නේ 1.5GB ලෙස වුවත්, ඉදිරියේදී එය 750MB ලෙස වෙනස් ‍කිරීමට සිදු වෙනවා.

ඒ අනුව රුපියල් 100ක් ගෙවා 750MB (Anytime Data) පැකේජයක් මිලදීගන්නා විට, තවත් 750MB (Night Time Data) ප්‍රමාණයක් නොමිලයේ ලැබෙන බව‍ වෙළඳ දැන්වීම් වල සඳහන් කිරීමට සිදු වෙනවා.

කොහොම උනත් මේ සම්බන්ධයෙන් දුරකථන සමාගම් විසින් මෙතෙක් කිසිවක් ප්‍රකාශ කර නැති බවත් මෙහිදී සඳහන් කල යුතු වෙනවා.

තවත් පුවත්