නෙදර්ලන්තයට එරෙහිව පැවැත්වෙන 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟයේ දී අයර්ලන්ත කණ්ඩායමේ කර්ටිස් කැම්පර් පන්දු 04 කදී පිට පිට කඩුලු 04ක් දවාගැනීමට සමත්ව තිබේ.
20යි 20 තරගයකදී මීට පෙර එවැනි දස්කමක් දක්වා ඇත්තේ ලසිත් මාලිංග සහ රශිඩ් ඛාන් පමණි.
මේ අතර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකාව මුහුණ දෙන පළමු තරගය අද නැමීබීයාවට එරෙහිව පැවැත්වේ.
රාත්‍රී 07.30ට අබුඩාබිහි දී තරඟය ආරම්භ වීමට නියමිතය.