සිරස්තල
කෝටි 3කට අධික වටිනාකමකින් යුත් නීති විරෝධී සුඛෝපභෝගී වාහන දෙකක් පොලිස් භාරයට වෛද්‍ය සංජීව යළිත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නායකත්වයට ශ්‍රී ලංකාවේ කීර්තිය ජාත්‍යන්තරයට ගෙන යන Miss Teen Sri Lanka අවසන් තරගය අදයි හන්තාන කන්දේ අතරමං වූ සිසුන් 8 දෙනෙකු මුදා ගනී බස් ගාස්තු 2%කින් අඩු කිරීමට රජයෙන් යෝජනාවක් – බස් සංගම්වලින් විරෝධය හෙල්මටයකි ප්‍රහාරයකින් තරුණයෙක් ඝාතනය කෙරේ මියගිය රෝගීන්ට මොළයේ සැත්කම් කළ විශේෂඥ වෛද්‍යවරියක් ගැන හෙළිදරව්වක් රටේ තෙල් හිඟයක් නෑ – ඛනිජ තෙල් සංස්ථාවෙන් ජනතාවට සහතිකයක් “ඊශ්‍රායල ආක්‍රමණශීලීත්වයට දඬුවම් දීම අවසන් මොහොත දක්වාම සිදුවුණා” – ඉරානයෙන් ප්‍රකාශයක් කටාර් රාජ්‍යයේ ඇමරිකානු කදවුරකට ඉරානයෙන් ප්‍රහාර

2028 ඔලිම්පික් උළෙලේදී ක්‍රිකට් කණ්ඩායම් 6කට අවස්ථාව

2028 වසරේ දී අමෙරිකාවේ සත්කාරකත්වය යටතේ ලොස් ඇන්ජලීස් හිදී පැවැත්වෙන ඔලිම්පික් උළෙලට එක්කර තිබෙන ක්‍රිකට් ක්‍රීඩාව සඳහා කාන්තා හා පිරිමි කණ්ඩායම් 6 බැගින් ක්‍රීඩාකිරීමට අවස්ථාව

මිතුරන් සමග බෙදාගන්න

2028 වසරේ දී අමෙරිකාවේ සත්කාරකත්වය යටතේ ලොස් ඇන්ජලීස් හිදී පැවැත්වෙන ඔලිම්පික් උළෙලට එක්කර තිබෙන ක්‍රිකට් ක්‍රීඩාව සඳහා කාන්තා හා පිරිමි කණ්ඩායම් 6 බැගින් ක්‍රීඩාකිරීමට අවස්ථාව සලසාදීමට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව තීරණය කර ඇත.

ඒ සඳහා කණ්ඩායම් සුදුසුකම් ලබන නිර්ණායක මේ දක්වා ඔවුන් ප්‍රකාශයට පත්කර නොමැත.

කෙසේ නමුත් අමෙරිකාව සත්කාරක රට බැවින් ඔවුන්ට සෘජු ස්ථානයක් වෙන්වීමට ඉඩ ඇති අතර, සෙසු කණ්ඩායම් සුදුසුකම් 5 ලැබීමේ ක්‍රියාවලියක් මත තෝරාගනු ඇති බව සඳහන්.

සෑම කණ්ඩායමකටම ක්‍රීඩක ක්‍රීඩිකාවන් 90 දෙනෙකු සඳහා කෝටා වෙන්කර ඇති අතර, ඒ අනුව සෑම කණ්ඩායමකටම සාමාජිකයින් 15 දෙනෙකුගෙන් යුත් සංචිතයක් නම් කිරීමට හැකි වනු ඇත.

ලොස් ඇන්ජලීස් ඔලිම්පික් උළෙල 2028 වසරේ ජූලි 14වනදා ආරම්භවන අතර, එය ජූලි 30වනදා දක්වා පැවැත්වීමට නියමිතව ඇත.

මෙහිදී ක්‍රිකට් ක්‍රීඩාව විස්සයි20 ආකෘතියෙන් පැවැත්වේ.

වසර 130කට ආසන්න අතීතයක් ඇති ගිම්හාන ඔලිම්පික් උළෙල ඉතිහාසය තුළ ක්‍රිකට් ක්‍රීඩාව පැවැත්වෙන දෙවන අවස්ථාව මෙයවනු ඇත.

අවසන් වරට ඔලිම්පික් උළෙලක දී ක්‍රිකට් ක්‍රීඩාව පවත්වා ඇත්තේ 1900 වසරේදීය.

එවර රන් පදක්කම මහා බ්‍රිතාන්‍ය විසින් දිනාගෙන ඇති අතර, රිදී පදක්කම හිමිව ඇත්තේ ප්‍රංශයටය.

වෙනත් පුවත්

උණුසුම් පුවත්