A Brand of Non Media Shout (Private) Limited

දෛනිකව Passport ලබා ගැනීමේ වර්ධනයක්..

දෛනිකව ගුවන් ගමන් බලපත්‍ර(Passport) ලබා ගැනීමේ වර්ධනයක් ඇතිව තිබේ. ආගමන විගමන දෙපාර්තමේන්තුව පැවසුවේ, එක්දින සේවය යටතේ, සේවය ලබා ගන්නා පිරිස 500 කින් පමණ ඉහළ

මිතුරන් සමග ‌බෙදාගන්න

දෛනිකව ගුවන් ගමන් බලපත්‍ර(Passport) ලබා ගැනීමේ වර්ධනයක් ඇතිව තිබේ.

ආගමන විගමන දෙපාර්තමේන්තුව පැවසුවේ, එක්දින සේවය යටතේ, සේවය ලබා ගන්නා පිරිස 500 කින් පමණ ඉහළ ගොස් ඇති බවය.

මීට පෙර සාමාන්‍ය දිනක එක්දින සේවය යටතේ, ලැබෙන ඉල්ලුම්පත්‍ර සංඛ්‍යාව 1000 කි.

එහෙත් රට පුරා ක්‍රියාත්මක වූ නිරෝධායන ඇඳිරි නීති සමයෙන් පසු එක්දින සේවය යටතේ සේවා ලබා ගන්නා අයැදුම්පත්‍ර සංඛ්‍යාව 1500 ඉක්මවා ඇතැයි, ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

ඒ අනුව, කොළඹ ප්‍රධාන කාර්යාලයෙන් පසුගිය දින 10 ක කාලය තුළ එක්දින සේවයෙන්, සේවා ලබා ගෙන ඇති පිරිස 12,158 කි.

ආගමන විගමන දෙපාර්තමේන්තුව පැවසුවේ, එම කාල සීමාව තුළ සාමාන්‍ය සේවයෙන් පුද්ගලයින් 11,242 දෙනෙකු විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීමට අයැදුම්කර ඇති බවයි.

මීට අමතරව, මාතර, මහනුවර, වව්නියාව සහ කුරුණෑගල ප්‍රාදේශීය කාර්යාලවලින් ගතවූ දින 10 තුළ පමණක් පුද්ගලයින් 10,145 දෙනෙකු සේවා ලබා ගෙන ඇතැයි, එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ය.(Ninenewslk)

තවත් පුවත්