A Brand of Non Media Shout (Private) Limited

තලේබාන් පාලනය ගැන පුටින්ගෙන් විශේෂ ප්‍රකාශයක්!

ඇෆ්ගනිස්තානයේ තලේබාන් පාලනය පිළිගැනීමේ කඩිනම් අවශ්‍යතාවයක් නොමැති බව රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් පවසනවා. ටාස් පුවත් සේවය වාර්තා කළේ, සෝවියට් සංගමයට සම්බන්ධව සිටි රටවල පොදු

මිතුරන් සමග ‌බෙදාගන්න

ඇෆ්ගනිස්තානයේ තලේබාන් පාලනය පිළිගැනීමේ කඩිනම් අවශ්‍යතාවයක් නොමැති බව රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් පවසනවා.

ටාස් පුවත් සේවය වාර්තා කළේ, සෝවියට් සංගමයට සම්බන්ධව සිටි රටවල පොදු රාජ්‍ය එකමුතුවේ රැස්වීම අමතමින් රුසියානු ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළ බවයි.

ජාත්‍යන්තර ප්‍රජාව තලේබාන්වරැන් විසින් පිහිටුවා ඇති අන්තර්වාර පාලනය සමග ගනුදෙනු කිරීම සිදුකළ යුතු වුවත් එය නිල වශයෙන් පිළිගැනීමට හදිසි නොවිය යුතු බව ජනාධිපති පුටින් මෙහිදී සදහන් කළා.

ඇෆ්ගනිස්තානයේ පවතින වාර්ගික ,ආගමික ආදී විවිධත්වයන් නිරෑපණය කිරීමට තලේබාන් අන්තර්වාර පාලනය අසමත් වී තිබීම කණගාටුදායක බවයි ඔහු එහිදී වැඩිදුරටත් කියා සිටියේ.

ඇෆ්ගනිස්තානය තුළ කඩිනමින් මැතිවරණ පවත්වා මහජන නියෝජිත ආයතන බලගැන්වීමේ වැදගත්කමද ඔහු එහිදී අවධාරණය කළා.

ජනාධිපති පුටින් එහිදී තවදුරටත් කියා සිටියේ එම ක්‍රියාවලිය සදහා සහය අවශ්‍ය නම් එය ලබාදීමට සූදානම් බවයි.

තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්තානයේ පාලනය හිමිකර ගැනීමත් සමග මධ්‍යම ආසියානු කලාපයේ ආරක්ෂාව සම්බන්ධයෙන් රුසියාව විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා

තවත් පුවත්