A Brand of Non Media Shout (Private) Limited

කඨින පිංකමට සහභාගී විය හැකි පිරිසේ වෙනසක්..

මෙවර කඨින චීවර පූජාව පැවැත්වීම සම්බන්ධයෙන් පසුගියදා නිකුත් කර තිබූ නිවේදනය සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සංශෝධනය කර තිබේ.   ඒ අනුව පවතින කොවිඩ් වසංගත තත්ත්වය

මිතුරන් සමග ‌බෙදාගන්න

මෙවර කඨින චීවර පූජාව පැවැත්වීම සම්බන්ධයෙන් පසුගියදා නිකුත් කර තිබූ නිවේදනය සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සංශෝධනය කර තිබේ.

 

ඒ අනුව පවතින කොවිඩ් වසංගත තත්ත්වය මත මීට පෙර කඨින චීවර පූජාව සඳහා යම් යම් සීමාවන් පනවා තිබිණි.

නමුත් නව සංශෝධනය තුළින් ,

1) කඨින චීවරය රැගත් පෙරහැර උපරිම සැදැහැවතුන් 50 දෙනෙකුට හෝ ඊට අඩුවෙන් සහභාගී කර ගනිමින් පැවැත්වීමට අවසර දීම.

2) සැදැහැවතුන් 50 දෙනෙකුගේ සහභාගීත්වයෙන් කඨින චීවර පූජාව හා දහවල් දානමය පිංකම සඳහා අවසර ලබා දීම.

3) සැදැහැවතුන් 50 දෙනෙකුගේ සහභාගීත්වයෙන් කඨිනානිසංස ධර්ම දේශනය පැවැත්වීමට අවසර හිමිව ඇත.

කෙසේ නමුත් මෙම අවස්ථාවේදී පුද්ගල දුරස්ථභාවය හා සෞඛ්‍යාරක්ෂිත පිළිවෙත් අනුගමනය කළ යුතු බවද අදාළ නිවේදනයේ සඳහන් ය.

 

 

තවත් පුවත්