A Brand of Non Media Shout (Private) Limited

වප් පුර පසළොස්වක පෝය දිනය අදයි.

පුරා තුන්මසක් තවුතිසා දෙව්ලොව වස් විසූ බුදුරජාණන් වහන්සේ වස් පවාරණය කර දඹදිව සංකස්ස පුරයට වැඩම කළේ , අද වැනි පොහෝ දිනකදී ය. තෙමසක් වස්

මිතුරන් සමග ‌බෙදාගන්න

පුරා තුන්මසක් තවුතිසා දෙව්ලොව වස් විසූ බුදුරජාණන් වහන්සේ වස් පවාරණය කර දඹදිව සංකස්ස පුරයට වැඩම කළේ , අද වැනි පොහෝ දිනකදී ය.

තෙමසක් වස් සමාදන්ව සිටි භික්ෂූන් වහන්සේ වස් පවාරණය කිරීමෙන් පසු චීවර මාසය ආරම්භ වීම ඇතුළු සම්බුද්ධ ශාසනයේ වැදගත් කරුණු රැසක් හේතුවෙන් වප් පොහොය දිනය බෞද්ධයින්ට සුවිශේෂි වෙයි.

බුදුන් වහන්සේ තවුතිසා දෙව්ලොවින් දඹදිව සංකස්ස නුවරට වැඩමකර‍වීම සිදුවූයේ ද අද වැනි පොහොය දිනකය.

මේ අතර කඨින චීවර පූජාව පැවැත්වීම සම්බන්ධයෙන් නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (19) නිකුත් කළේය.

පසුගිය 12 වනදා නිකුත්කරනු ලැබූ මාර්ගෝපදේශ සංශෝධනය කරමින් නිකුත් කළ නව සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුව කඨින චීවරය රැගත් පෙරහැර සංවිධානය කිරීමට අවසර හිමිව තිබේ.

එහෙත් ඒ සඳහා සහභාගී කරවාගත හැකි සැදැහැවතුන් සංඛ්‍යාව 50ක් හෝ ඊට අඩු සංඛ්‍යාවක් වියුතු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිකුත් කළ නව සෞඛ්‍ය මාර්ගෝපදේශවල සඳහන් කර ඇත.

එමෙන්ම කඨින චීවර පූජාව සහ දහවල් දානමය පිංකම මෙන්ම කඨිනානිසංස ධර්ම දේශනය පැවැත්වීම සඳහා අවසර හිමිවන අතර ඒ සඳහා සහභාගී කරවාගත හැකි සැදැහැවතුන් සංඛ්‍යාව 50 දෙනෙකුට සීමා කර තිබේ.

තවත් පුවත්