A Brand of Non Media Shout (Private) Limited

Facebook සිය නම වෙනස් කිරීමකට සැරසේ

සමාජ මාධ්‍ය දැවැන්තයෙකු වන ෆේස්බුක් ඉන්කෝපරේෂන් ලබන සතියේ නව නමක් සමඟ rebrand  කිරීමකට සැලසුම් කරමින් සිටින බව ඇමරිකානු තාක්‍ෂණ බ්ලොග් අඩවියක් අඟහරුවාදා වාර්තා කළේය.

මිතුරන් සමග ‌බෙදාගන්න

සමාජ මාධ්‍ය දැවැන්තයෙකු වන ෆේස්බුක් ඉන්කෝපරේෂන් ලබන සතියේ නව නමක් සමඟ rebrand  කිරීමකට සැලසුම් කරමින් සිටින බව ඇමරිකානු තාක්‍ෂණ බ්ලොග් අඩවියක් අඟහරුවාදා වාර්තා කළේය. ෆේස්බුක් ප්‍රධාන විධායක නිලධාරී මාර්ක් සකර්බර්ග් ඔක්තෝම්බර් 28 වන දින සමාගමේ වාර්ෂික සමුළුවේදී නම වෙනස් කිරීම ගැන කතා කිරීමට අදහස් කරන බව VERGE බ්ලොග් අඩවිය වාර්තා කළේය.

එයට ප්‍රතිචාර වශයෙන් ෆේස්බුක් පැවසුවේ කටකතා ගැන කිසිවක් ප්‍රකාශ නොකරන බවයි.

මෙම ප්‍රවෘත්තිය පැමිණෙන්නේ සමාගම සිය ව්‍යාපාරික භාවිතයන් පිළිබඳව එක්සත් ජනපද රජයේ දැඩි පරීක්‍ෂණයට මුහුණ පා සිටින අවස්ථාවක ය.

Re brand කිරීම මඟින් ෆේස්බුක් හි සමාජ මාධ්‍ය යෙදුම (Facebook app) මව් සමාගමක් යටතේ ඇති බොහෝ නිෂ්පාදන වලින් එකක් ලෙස ස්ථාන ගත කෙරෙනු ඇති අතර ඉන්ස්ටග්‍රෑම්, වට්ස්ඇප්, ඔකලස් සහ තවත් බොහෝ දේ අධීක්ෂණය කරනු ඇතැයි VERGE වාර්තාව වැඩි දුරටත් පවසයි.

Sillicon Valley ඇති සමාගම් තම සේවාවන් පුළුල් කිරීමට ඉදිරිපත් වන විට නම් වෙනස් කිරීම සාමාන්‍ය දෙයක් වේ.

තවත් පුවත්