A Brand of Non Media Shout (Private) Limited

හෙටින් ඇරඹෙන නව පාසල් වාරය ගැන අධ්‍යාපන ඇමතිගෙන් නිවේදනයක්..

දිවයින පුරා විසිරී සිටින දරුවන් සහ ගුරුවරුන් හෙට (21) දිනයේ පාසල් වෙත පැමිණීම කිසිවෙකුටවත් නැවතිය නොහැකි බව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා නිවේදනයක් නිකුත්

මිතුරන් සමග ‌බෙදාගන්න

දිවයින පුරා විසිරී සිටින දරුවන් සහ ගුරුවරුන් හෙට (21) දිනයේ පාසල් වෙත පැමිණීම කිසිවෙකුටවත් නැවතිය නොහැකි බව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

එහි වැඩිදුරටත් දැක්වෙන්නේ, පාසල් දරුවන්ගේ අනාගතය දෙමව්පියන්ගේ සතුට පමණක් නොව මුළු මහත් ජාතියේම සතුට බවය.

ගුරුවරුන්ගේ වැටුප් වැඩිවීමට ජනාධිපති, අගමැති සහ මුදල් අමාත්‍යවරයා මැදිහත් වී විශ්වාසනීය විසඳුමක් ඉදිරිපත් කර ඇති බවද අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා එම නිවේදනයෙන් පෙන්වා දෙයි.

හෙට (21) දිනයේ සිට අදියර කිහිපයක් යටතේ පාසල් විවෘත කිරීමට නියමිතය.

ඒ අනුව සිසුන් 200 ට අඩු පාසාල්වල අධ්‍යයන කටයුතු හෙට සිට ආරම්භ කරන බව රජය නිවේදනය කළේය.

අධ්‍යාපන අමාත්‍යවරයාගේ සම්පූර්ණ නිවේදනය පහතින්,

 

තවත් පුවත්