A Brand of Non Media Shout (Private) Limited

හෙටක් හදන්නෙත් හෙටක් දකින්නෙත් අපි – රනිල්

හෙට රට දකින්නෙත්, හෙට රට හදන්නෙත් තම පක්ෂය පමණක් බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඔහු මෙම අදහස් පළ කළේ, පක්ෂ

මිතුරන් සමග ‌බෙදාගන්න

හෙට රට දකින්නෙත්, හෙට රට හදන්නෙත් තම පක්ෂය පමණක් බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඔහු මෙම අදහස් පළ කළේ, පක්ෂ මූලස්ථානයේ අද (20) පැවති සාමාජික ප්‍රවර්ධන වැඩසටහනකට එක්වෙමිනි.

පක්ෂයේ නව සාමාජිකත්වය ලබාගැනීම සඳහා සකස් කළ ඇප් එකක් හඳුන්වාදීම ද මෙහිදී සිදුකෙරුණි.

එහිදී අදහස් දැක්වූ එක්සත් ජාතික පක්ෂය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා,

“ඩී. එස් සේනානායක මැතිතුමා සමරන්න අද අපි ලංකාවේ පළවෙනි ඩිජිටල් සාමාජිකත්වය ඇතිකරපු දේශපාලන පක්ෂය විදිහට ක්‍රියා කරනවා කියලා මම මතක් කරන්න කැමතියි. හෙට දකින හෙට හදන අපි මෙය ආරම්භ කරන්නේ. මට ලැබුණ අවස්ථාව, 2003 දී මේ රට සහල්වලින් ස්වයංපෝෂිත කළා. එපමණක් නෙමෙයි, සුවසැරිය ආරම්භ කළා. සමහරවිට අපි මේක දැක්කට අනිත් අය හෙට දැක්කේ නැහැ. පාසල් සිසුන්ට ටැබ් දෙද්දි එළියෙනුයි ඇතුළෙනුයි විරුද්ධ වුණා. අපි වඳවෙනවා කිව්වා. දැන් අධ්‍යාපනය වඳවෙලා තියෙන්නේ. අපි එක් මන්ත්‍රීවරයෙක් වෙනකම් පරාජය වුණා. ඒත් අද අපිට හෙට හදන්න පුළුවන් කියලා ඔප්පුවෙලා. ඉන්න දේශපාලන ව්‍යාපාරවලින් හෙට දකින්නෙත් හෙට හදන්නෙත් එක්සත් ජාතික පක්ෂය කියලා මම කියන්න කැමතියි.”

තවත් පුවත්