A Brand of Non Media Shout (Private) Limited

ජාතික කොවිඩ් කාර්ය සාධක බලකාය විසින් ගනු ලැබූ ප්‍රධාන තීරණ 08 ක්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ පැවති ජාතික කොවිඩ් කාර්ය සාධක බලකා රැස්වීමේදී ප්‍රධාන තීරණ 8 ක් ගනු ලැබුවා. රැස්වීමේදී ගනු ලැබූ තීරණ පහත

මිතුරන් සමග ‌බෙදාගන්න

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ පැවති ජාතික කොවිඩ් කාර්ය සාධක බලකා රැස්වීමේදී ප්‍රධාන තීරණ 8 ක් ගනු ලැබුවා.
රැස්වීමේදී ගනු ලැබූ තීරණ පහත දැක්වේ.

01.ෆයිසර් කෝවිඩ් -19 එන්නත නොවැම්බර් 1 දා සිට පෙරටුගාමී සේවකයින් සඳහා බූස්ටර මාත්‍රාවක් ලෙස ලබා දීම ආරම්භ කිරීම.
02.සුදුසුකම් ලත් සියලුම දරුවන්ට එන්නත් කිරීම ඉදිරි සති දෙක තුළදී අවසන් කිරීම.
03.දැනට පවතින කොවිඩ් මරණ ශුන්‍යය දක්වා පහත දැමීමට අවශ්‍ය පියවර ගැනීම.
04.වෛරසය සම්ප්‍රේෂණය වීම වැළැක්වීම සඳහා රෝගීන් වාර්තා වන ප්‍රදේශ කෙරෙහි අවධානය යොමු කිරීම.
05.ප්‍රාථමික අංශය සහ 11 සහ 13 ශ්‍රේණි සඳහා පාසල් ආරම්භ කිරීම.
06.ඔක්තෝබර් 31 දා සිට අන්තර් පළාත් සංචාරක සීමා ඉවත් කිරීම.
07.සඳුදා (ඔක්තෝබර් 25) සිට පළාත් තුළ දුම්රිය සේවා ආරම්භ කිරීම.
08.නොවැම්බර් 01 දා සිට අන්තර් පළාත් දුම්රිය සේවා ආරම්භ කිරීම.

තවත් පුවත්