A Brand of Non Media Shout (Private) Limited

කොවිඩ් නිසා 80,000 ත් 180,000 ත් අතර ජීවිත අහිමි වෙලා – WHO

කොරෝනා වසංගතයෙන් ලොවපුරා සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයින් 80,000 ත් 180,000 ත් අතර පිරිසක් මියගොස් ඇතැයි, ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. එම සංවිධානය මේ බව වාර්තා

මිතුරන් සමග ‌බෙදාගන්න

කොරෝනා වසංගතයෙන් ලොවපුරා සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයින් 80,000 ත් 180,000 ත් අතර පිරිසක් මියගොස් ඇතැයි, ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

එම සංවිධානය මේ බව වාර්තා කළේ, 2020 ජනවාරි මාසයේ සිට මේ වසරේ මැයි දක්වා සංඛ්‍යාලේඛන උපුටා දක්වමිනි.

ලොවපුරා සිටින සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයින් සංඛ්‍යාව මිලියන 135 ක් පමණ වේ.

මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ, සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයින් පූර්ණ එන්නත්කරණයට ලක් කිරීමට ලොව රටවල් කඩිනමින් ප්‍රමුඛතාවය ලබා දිය යුතු බවයි.

ඔහු සඳහන් කළේ , රටවල් 119 ක දත්තවලට අනුව දළ වශයෙන් සෑම සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයින් පස් දෙනෙකුගෙන් දෙදෙනෙකු මේ වන විට පූර්ණ එන්නත්කරණයට ලක් කර ඇති බවයි.

නමුත් එය රටවල ආර්ථික තත්ත්වය සහ අනෙකුත් හේතු සාධක මත ප්‍රතිශතාත්මකව අඩු වැඩි වන බව ද ලෝක සෞඛ්‍ය සංවිධානය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

තවත් පුවත්