A Brand of Non Media Shout (Private) Limited

ආණ්ඩුවේ හවුල්කාර පාර්ශ්ව 11 ක රැස්විමේ සිදු වුනේ මොකක්ද ? – වාසුදේව / උදය ගම්මන්පිල

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ ආණ්ඩුවේ හවුල්කාර පාර්ශ්ව 11 ක් අදත් රැස්විය. මෙරට ද්‍රවිකෘත ස්වභාවික වායු හෙවත් LNG වෙළෙඳපොළට ප්‍රවේශවීමට ඉඩ ලැබෙන පරිදි ඇමරිකාවේ

මිතුරන් සමග ‌බෙදාගන්න

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ ආණ්ඩුවේ හවුල්කාර පාර්ශ්ව 11 ක් අදත් රැස්විය.

මෙරට ද්‍රවිකෘත ස්වභාවික වායු හෙවත් LNG වෙළෙඳපොළට ප්‍රවේශවීමට ඉඩ ලැබෙන පරිදි ඇමරිකාවේ නිව්පෝට්‍රෙස් සමාගම සමග ගිවිසුම් අත්සන් කිරීම ඇතුළු කරුණු පිළිබඳව මෙහිදී සාකච්ඡාවට ලක්ව තිබේ.

රැස්වීමෙන් පසු ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර මහතා පැවසුවේ, බොහෝ දේ සාකච්ඡා කර ඒකමතික තීරණයන්ට එළැඹි බවයි.

ඇයි ඒවා ඒ්කත් ඇතුළත් ඒකත් ඇතුලත් තවත් බොහෝ දේවල් ගැන කතා කරලා අපි ඒකමතිකභාවයකට ආවා. බලාගාරයේ ගිවිසුමට විරුද්ධ අය ඉන්නේ.

මෙහිදී මාධ්‍යවේදීන් වාසුදේව නානායක්කාර මහතා වෙත තවත් ප්‍රශ්න කිහිපයක් යොමු කළේ ය.

මාධ්‍යවේදී ප්‍රශ්නය : නමුත් ඒක අත්සන් කරලා ඉවරයි නේද ?

පිළිතුර (වාසුදේව නානායක්කාර) : ඉවර නෑ… කිසිදෙයක් දේශපාලන බලය මතයි මේ සියල්ල ඉවර වෙන්නේ.

මාධ්‍යවේදී ප්‍රශ්නය : එතකොට මේ මොකක්ද ආණ්ඩුවට කියන්න හදන්නේ

පිළිතුර (වාසුදේව නානායක්කාර) : ආණ්ඩුවට මුකුත් කියන්නේ නැහැ. අපි කියන දෙයක් කියන්නේ මේ රටේ මිනිස්සුන්ට.

මාධ්‍යවේදී ප්‍රශ්නය : ජනාධිපතිතුමා ප්‍රතික්ෂේප කළා නේද ඔබ තුමන්ලා එක්ක තියෙන සාකච්ඡාව

පිළිතුර (වාසුදේව නානායක්කාර) : එතුමා ප්‍රතික්ෂේප කළා නම්, අපිට එතුමා එකක් බලෙන් එතුමා එක්ක සාකච්ඡා කරන්න බැහැ නොවෑ. ඉතින් අපි මහජනයා එක්ක සාකච්ඡා කරනවා.

 

මෙහිදී පිවිතුරු හෙළ උරුමයේ නායක අමාත්‍ය උදය ගම්මන්පිල මහතාගෙන් ද මාධ්‍යවේදීහු රැස්වීමේදී සාකච්ඡා වූ කරුණු පිළිබඳ විමසා සිටයහ.

මාධ්‍යවේදී ප්‍රශ්නය : ඒ කියන්නේ මොනවද සාකච්ඡා කළේ?

පිළිතුර (උදය ගම්මන්පිල) : ඒවා අභ්‍යන්තර කාරණා නේ ඒවා එහෙම කියන්න පුළුවන්ද?

මාධ්‍යවේදී ප්‍රශ්නය : දැන් මේ එල්.එන්.ජී බලාගාරය විකිණීම සම්බන්ධයෙන් ජනාධිපති සමග ඔබ තුමන්ලා සාකච්ඡාවක් ඉල්ලලා තිබුන නේ. ඒ සාකච්ඡාවට මොනවද පිළිතුරු ලැබුණේ?

පිළිතුර (උදය ගම්මන්පිල) : අපිට පිළිතුරක් ලැබුණා. අපිට හෙට තියෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායමේ කණ්ඩායම් රැස්වීම එතෙනදී මේ ගැන කතා කරාවී කියලත් බලාපොරොත්තු වෙනවා.

මාධ්‍යවේදී ප්‍රශ්නය : ඒ කියන්නේ ඔබ තුමන්ලා ඉල්ලලා තිබුණානේ පක්ෂ 11 ම සාකච්ඡාවක් ඕනේ, කියලා මේ ඉඩම් විකිණිම සම්බන්ධව. ඒකට..

පිළිතුර (උදය ගම්මන්පිල) : නෑ ඒකට.. ඒක පක්ෂ වලට වෙනම දුන්නේ නැහැ පාරිලාමේන්තු කණ්ඩායමේදී සාකච්ඡා කරමු කියලා තමයි කියලා තියෙන්නේ

තවත් පුවත්