ඉන්දීය නාවික හමුදාවට අයත් නෞකා 6 ක් ශ්‍රී ලංකා නාවික හමුදාව සමග ඒකාබද්ධ නාවික අභ්‍යාසයක නිරතවීම සඳහා මෙරට වරායන් දෙකකට සේන්දු වී තිබේ.
නාවික හමුදාව පැවසුවේ,කොළඹ වරායට නෞකා දෙකක් හා ත්‍රිකුණාමලය වරායට නෞකාවක් 4 ක් ලෙස එම නෞකා වරායවලට සේන්දු වූ බවයි.
SHARDUL සහ MAGAR යන පුහුණු නෞකා දෙක කොළඹ වරායට පැමිණ ඇති අතර ත්‍රිකුණාමලය වරායට පැමිණ ඇත්තේ, අයි.එන්.එස්. සුජාතා, තරංගනී, සුදර්ශනී සහ වික්‍රම් යන නෞකාවන් ය.
ඉන්දිය නාවික හමුදාවේ පුහුණුවන නිලධාරින්ගෙන් සමන්විත ශිෂ්‍ය භට කණ්ඩායමක් එම නෞකාවලින් මෙරටට පැමිණ ඇති අතර අදාළ නෞකා නාවික හමුදා සම්ප්‍රදායානුකූලව පිළිගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදාව කටයුතු කර තිබේ.
මේ අතර ඊට සමගාමීව ඉන්දීය නාවික හමුදාවේ දකුණු නාවික විධානයට අණදෙන ප්‍රධාන ධජ නිලධාරී වයිස් අද්මිරාල් අනිල් කුමාර් චවුලා ද නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි බව නාවික හමුදාව පැවසී ය.
▪ SHARDUL නෞකාව දිගින් මීටර 125ක් සහ නැව් මුළුව 155 දෙනෙකුගෙන් සමන්විත වන අතර, එහි අණදෙන නිලධාරී ලෙස කොමාණ්ඩර් අනූප් ශර්මා කටයුතු කරයි.
▪ MAGAR නෞකාව දිගින් මීටර 125ක් සහ නැව් මුළුව 156 දෙනෙකුගෙන් සමන්විත නෞකාවේ අණදෙන නිලධාරී ලෙස කොමාණ්ඩර් උපේන්ද්‍ර අග්ගාර්වාල් කටයුතු කරයි.
▪ SUJATA නෞකාව දිගින් මීටර 102ක් සහ නැව් මුළුව 139ක දෙනෙකුගෙන් සමන්විත වන අතර, එහි අණදෙන නිලධාරී ලෙස කොමාණ්ඩර් ශ්‍රිජිත් එස් නායර් කටයුතු කරයි.
▪ SUDARSHINI පුහුණු රුවල් නෞකාව දිගින් මීටර 54ක් සහ නැව් මුළුව 47 දෙනෙකුගෙන් සමන්විත වන අතර, එහි අණදෙන නිලධාරී ලෙස කොමාණ්ඩර් ශ්‍රිකාන්ත් වෙනුගෝපාල් කටයුතු කරයි.
▪ TARANGINI පුහුණු රුවල් නෞකාව දිගින් මීටර 54ක් සහ නැව් මුළුව 47 දෙනෙකුගෙන් සමන්විත අණදෙන නිලධාරී ලෙස කොමාණ්ඩර් යාටිෂ් බදුටියා කටයුතු කරයි.
▪ VIKRAM පුහුණු නෞකාව (ඉන්දියානු වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවට අයත්) දිගින් මීටර 98ක් සහ නැව් මුළුව 93 දෙනෙකුගෙන් සමන්විත වන අතර, එහි අණදෙන නිලධාරි ලෙස ආඥාපති උමේඩ් සිං කටයුතු කරයි.
ඒ අනුව, මෙම නෞකා 6 කොළඹදී සහ ත්‍රිකුණාමලයේදී ඒකාබද්ධ නාවික අභ්‍යාසයට සහභාගී වීමෙන් අනතුරුව ලබන 27 සහ 28 යන දිනයන්හිදී දිවයිනෙන් පිටත්ව යාමට නියමිත ය.
තව ද ඉන්දීය නාවිකයින් මෙරට රැඳී සිටින කාලසීමාව තුළදී ජෛව බුබුළු සංකල්පය යටතේ දිවයිනේ ප්‍රදේශ රැසක වැදගත් ස්ථාන නැරඹීම සඳහා සංචාරය කිරීමට ද නියමිත බව නාවික හමුදාව නිකුත් කළ නිවේදනයේ සඳහන් ය.