A Brand of Non Media Shout (Private) Limited

ෆෝමියුලා වන් රේසිං ට්‍රැක් එකක් හම්බන්තොටට ?

හම්බන්තොට ෆෝමියුලා වන් මෝටර් රථ තරග ධාවන පථයක් ඉදිකිරීම පිළිබඳ සාකච්ඡාවක් ආරම්භ වී ඇතැයි, සන්ඩේ ටයිම් පුවත්පත වාර්තා කරයි. ඊට අදාළ මූලික සාකච්ඡාවක් ජපාන

මිතුරන් සමග ‌බෙදාගන්න

හම්බන්තොට ෆෝමියුලා වන් මෝටර් රථ තරග ධාවන පථයක් ඉදිකිරීම පිළිබඳ සාකච්ඡාවක් ආරම්භ වී ඇතැයි, සන්ඩේ ටයිම් පුවත්පත වාර්තා කරයි.

ඊට අදාළ මූලික සාකච්ඡාවක් ජපාන සහ ස්පාඤ්ඤය ආයෝජකයින් පිරිසක් අතර ආරම්භ වී ඇතැයි සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කළේ ය.

ආණ්ඩුවේ ප්‍රකාශකයෙකු උපුටා දක්වන පුවත්පත් වාර්තාවක දැක්වෙන්නේ කිලෝමීටර් 5. 6 ක ගොන්ප්‍රී ධාවන පථයක් වන එය රජයේ ඉඩමක ඉදිකිරීමට යෝජිත බවයි.

දේශීය සම්පත් හා දේශීය විශේෂඥ දැනුම ඒ සඳහා උපයෝගි කර ගැනෙන අතර රේසින් කාර් හම්බන්තොට වරායෙන් ගොඩබෑම හා අදාළ තරග සඳහා සහභාගිවන්නන්ට මත්තල ගුවන් තොටුපළ යොදා ගැනීම සැලැස්මේ මූලික අරමුණකි.

මෙය ආයෝජන මණ්ඩලයේ ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

තවත් පුවත්