A Brand of Non Media Shout (Private) Limited

රැසියාවේ අරන් නොගියාට ඇෆ්ගනිස්තාන කාන්තාවන් විරෝධයේ

රැසියාවේ පැවති ඇෆ්ගනිස්තානය පිළිබද අන්තර්ජාතික ආධාර කණ්ඩායම් රැස්වීමට කාන්තාවන් සහභාගී කර නොගැනීම සම්බන්ධයෙන් විරෝධය පළවී තිබෙනවා. ටොලෝ නිවුස් සේවය වාර්තා කළේ, ඇෆ්ගනිස්තානයේ කාන්තා ක්‍රියාකාරිනියන්

මිතුරන් සමග ‌බෙදාගන්න

රැසියාවේ පැවති ඇෆ්ගනිස්තානය පිළිබද අන්තර්ජාතික ආධාර කණ්ඩායම් රැස්වීමට කාන්තාවන් සහභාගී කර නොගැනීම සම්බන්ධයෙන් විරෝධය පළවී තිබෙනවා.

ටොලෝ නිවුස් සේවය වාර්තා කළේ, ඇෆ්ගනිස්තානයේ කාන්තා ක්‍රියාකාරිනියන් විශාල පිරිසක් කාබුල් නගර⁣යේදී මේ සම්බන්ධයෙන් විරෝධතාවයක නිරත වූ බවයි.

ඔක්තෝබර් 20 වනදා රැසියාවේ මොස්කව්හි දී ඇෆ්ගනිස්තානයට අන්තර්ජාතික ආධාර ලබාගැනීම සදහා වන අන්තර්ජාතික සමුළුවක් පැවැත්වුණා.

රැසියාව විසින් සංවිධානය කර තිබූ එම සමුළුවට රටවල් දහයකට අධික සංඛ්‍යාවක නියෝජිතයන් එක්ව සිටි බව සදහන්.

අදාළ සමුළුවෙන් පසු නිකුත් කළ ඒකාබද්ධ නිවේදනයක ද දැක්වුණේ, ඇෆ්ගනිස්තානය තුළ සියලු වාර්ගිකයන්, කාන්තාවන් ආදි නියෝජනයන්ගෙන් සමන්විත ආණ්ඩුවක් පැවතිය යුතු බවයි.

මේ පසුබිම හමුවේ, ඇෆ්ගනිස්තානයේ කාන්තාවන් පිරිසක් කාබුල්හිදි අදාළ උද්ඝෝෂණය පැවැත්වූ අතර එහිදී ඔවුන් කියා සිටියේ, පුලුල් නි⁣යෝජනයක් ඇති කරන ලෙස සියලු පාර්ශව තලේබාන් සංවිධානයට බලකළ යුතු බවයි.

තවත් පුවත්