බොලිවුඞ් නළුවෙකු වන චුන්කි පාන්ඬේගේ දියණිය වන නිලි අනන්‍යා පාන්ඬේව කැඳවා ප්‍රශ්න කිරීමට ඉන්දීය මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් පියවර ගෙන තිබේ. මේ වන විට අය ප්‍රශ්න කිරීම් සඳහා දෙවරක් කැඳවා ඇති බවත් වාර්තා වෙයි.
සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන්ගේ පුත් මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීමේ චෝදනාවට අත්අඩංගුවට ගැනීම නන්යා පාන්ඬේව ප්‍රශ්න කිරීම සඳහා කැඳවීම ඍජුවම සම්බන්ධ බවට මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් ප්‍රකාශ කර නැතත් ෂාරුක් ඛාන්ගේ පුත් ආර්යන් සමග වට්ස්ඇප් මධ්‍ය හරහා සංවාදයේ යෙදීම නිසා අනන්‍යාගේ ලැප්ටොප් පරිගණකය හා ජංගම දුරකථනය පවා සිය භාරයට ගැනීමට පොලිසිය පියවර ගෙන ඇත.
හින්දි සිනමා ක්ෂේත්රය තුළ විශාල වශයෙන් මත්ද්‍රව්‍ය භාවිත වන බවට පැන නැගී ඇති චෝදනා හේතුවෙන් බොහෝ බොලිවුඞ් සුපිරි තරු මෙන්ම රූපවාහිනී ශිල්පීන් රැසක් පොලිසියේ අධීක්ෂණයට ලක්ව ඇත.