A Brand of Non Media Shout (Private) Limited

සිම් කිංග්ස්ටන් නෞකාවේ ගින්න පාලනය කෙරේ

පැසිෆික් සාගරයේ වැන්කුවර් දූපත් ආසන්නයේ නැංගුරම් ලා ඇති සිම් කිංග්ස්ටන් නෞකාවේ ගින්න පාලනය කර තිබේ. කැනේඩියානු වෙරළාරක්ෂක නිලධාරීන් සඳහන් කළේ , කැනඩාවේ බ්‍රිටිෂ් කොලොම්බියා

මිතුරන් සමග ‌බෙදාගන්න

පැසිෆික් සාගරයේ වැන්කුවර් දූපත් ආසන්නයේ නැංගුරම් ලා ඇති සිම් කිංග්ස්ටන් නෞකාවේ ගින්න පාලනය කර තිබේ.
කැනේඩියානු වෙරළාරක්ෂක නිලධාරීන් සඳහන් කළේ , කැනඩාවේ බ්‍රිටිෂ් කොලොම්බියා වෙරළට ඔබ්බෙන් වූ මුහුදේදී නැව ගිනි ගැනීමට ලක්වූ බවයි.

මෝල්ටා ධජය සහිත අදාළ නෞකාවේ අන්තරායකර ද්‍රව්‍ය සහිත බහාලුම් ප්‍රවාහනය කරමින් තිබූ අතර, රසායනික ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 52,000 ක් පමණ අන්තර්ගත බහලුම් දෙකක් ගිනි ගැනීමට ලක්ව ඇතැයි මෙහෙයුම් නිලධාරීහු සඳහන් කළහ .

ඒ හේතුවෙන් මේ වන විට නෞකාවෙන් විෂ වායූ කාන්දුවක් වාර්තා වන අතර, බලධාරීන් සඳහන් කළේ , ඉන් ගොඩබිම වෙසෙන ජනතාවට අනතුරුදායක තත්ත්වයක් නොමැති බවයි.

නෞකාවේ සිටි කාර්ය මණ්ඩල සාමාජිකයින් 16 දෙනෙකු මුදා ගැණුනු අතර, සාමාජිකයින් 5 දෙනෙකු නෞකාවේ ගින්න මැඩ පැවැත්වීමේ මෙහෙයුම් සඳහා අනියුක්ත කෙරිණ.

ගින්න හටගන්නා විට නෞකාව දකුණු කොරියාවේ බුසාන් වරායේ සිට කැනඩාවේ වැන්කුවර් දක්වා යාත්‍රා කරමින් තිබිණි.

තවත් පුවත්