කාණ්ඩ වශයෙන් විශ්වවිද්‍යාල යළි ආරම්භ කිරීමට තීරණය කළ බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම පවසයි.
එහි සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහත පැවසුවේ, පළමු කාණ්ඩය යටතේ විභාග හා ප්‍රයෝගික පුහුණු කටයුතු සඳහා මූලිකත්වය ලබාදෙන බවයි.
විශ්වවිද්‍යාල යළි විවෘත කිරීම සම්බන්ධයෙන් සියලුම උප කුලපතිවරුන්, සෞඛ්‍ය අංශ සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සහභාගීත්වයෙන් පැවති විශේෂ සාකච්ඡාවකදී මෙම තීරණයන්ට එළැඹ තිබේ.
මේ අතර මූලික වටයේදී ඒ ඒ පීඨවල කුමන කණ්ඩායම ද විශ්වවිද්‍යාලට කැඳවන්නේ යන්න සම්බන්ධයෙන් තීරණය කිරීමේ වගකීම උපකුලපතිවරුන් වෙත පැවරෙනු ඇති.
මේ වනවිට විශ්වවිද්‍යාල සිසුන්ගෙන් 90 % එන්නත්කරණයට ලක්ව ඇති බව සඳහන් කළ සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ, විශ්වවිද්‍යාල සඳහා කැඳවිය හැක්කේ කොවිඩ් මර්දන දෙවන එන්නතත් ලබා ගෙන දින 14 ක් ඉක්මවූ සිසුන් පමණක් බවයි.
කෙසේ වෙතත් වෛද්‍ය විද්‍යාල සහ සම සෞඛ්‍ය පීඨවල සිසුන් මෙම තීරණයන්ට යටත් නොවන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපතිවරයා සඳහන් කළේ ය.