A Brand of Non Media Shout (Private) Limited

මැති ඇමතිවරුන්ට තීරුබදු රහිත වාහන ගෙන්වයි ද?

මැති ඇමතිවරුන්ට තීරබදු සහන මත වාහන ගෙන්වීමට නැවතත් සාකච්ඡාවක් ඇතිවී තිබේ. මේ පිළිබඳව ඊයේ යළිත් සාකච්ඡා කර තිබුණේ, ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදීයි. ජනාධිපති

මිතුරන් සමග ‌බෙදාගන්න

මැති ඇමතිවරුන්ට තීරබදු සහන මත වාහන ගෙන්වීමට නැවතත් සාකච්ඡාවක් ඇතිවී තිබේ.

මේ පිළිබඳව ඊයේ යළිත් සාකච්ඡා කර තිබුණේ, ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදීයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම ඊයේ රාත්‍රියේ ජනාධිපති මන්දිරයේදී රැස්විය.

අද පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍ය වේදීන් මේ පිළිබඳව ලේකම්
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ලේකම්වරයාගෙන් මේ පිළිබඳව විමසා සිටියේ ය.

ප්‍රශ්නය :- පක්ෂ නායක රැස්වීමේදී තීන්දුවක් ගත්තාද පාර්ලිමේන්තු මැති ඇමතිවරුන්ට නැවත වාහන ගෙන්වන්න. තීරණය කළා ද?

පොදුජන පෙරමුණු ලේකම් පාර්ලිමෙන්තු මන්ත්‍රී සාගර කරියවසම් ඊට මෙලෙස පිළිතුරු ලබා දුන්නේ ය.

”නැවත වාහන ගෙන්වන්න තීරණයක් නෙවෙයි. කලින් වාහන ගෙන්වන්න හදපු වෙලාවේ මන්ත්‍රීවරුම ඉල්ලීමක් කලා මේ රටේ තියෙන ආර්ථික ප්‍රශ්න උඩ මන්ත්‍රීවරුන්ට වාහන ගෙන්වන එක කල්දාන්න කියලා. හැබැයි ඊයේ නැවත කතා වුණා. එම ඉල්ලීම නැවත සලකා බලන්න දැන් කාලය එළඹෙමින් තියෙනවා. කියන කියන කාරණය ගැන විතරක් කතා වුණා. නමුත් එහිදි තීන්දුවක් තීරණයක් ගැණුනේ නෑ..”

තවත් පුවත්