මෙරට සේවයේ නියුතු චීන ජාතිකයින් 3,300 කට මේ වන විට සයිනොෆාම් එන්නතේ තුන්වන මාත්‍රාව ලබාදී ඇති බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය නිවේදනය කළේය.
ටිව්ටර් පණිවුඩයක් නිකුත් කරමින් චීන තානාපති කාර්යාලය මේ බව සඳහන් කළේය.
පසුගිය 22 වනදා සිට 25 වනදා දක්වා දින 3ක කාලයක් මෙම චීන ජාතිකයින්ට තුන්වන මාත්‍රාව ලබාදී ඇති බව එම ට්විටර් පණිවුඩයේ වැඩිදුරටත් දැක්වේ.
කොළඹ, මහනුවර, හම්බන්තොට, පුත්තලම සහ දඹුල්ල යන ප්‍රදේශවල සේවයේ නියුතු චීන ජාතිකයින්ට මෙම තුන්වන එන්නත් මාත්‍රාව ලබාදී තිබේ.
සයිනොෆාම් එන්නත් මාත්‍රා දෙකම ලබාගත් පුද්ගලයින්ට ඉන් මාස 6 කට පසුව තුන්වන මාත්‍රාව ලබාදී ඇති බව ද චීන තානාපති කාර්යාලය පවසයි.
එමෙන්ම මේ දක්වාත් මෙරට වෙසෙන චීන ජාතිකයෙකු කොවිඩ් සංකූලතා තත්ත්වයකට පත්ව නොමැති බව ද මෙරට චීන තානාපති කාර්යාලය නිකුත් කළ ට්විටර් පණිවුඩයේ වැඩිදුරටත් දැක්වේ.