A Brand of Non Media Shout (Private) Limited

ලහිරුට සහ ලිටන් දාස්ට දඩ!

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශ අතර ඊයේ පැවති තරගය අතරතුර ඇති වූ බහින්බස් වීමේ සිද්ධියට අදාළව වේග පන්දු යවන ක්‍රීඩක ලහිරු කුමාරට සහ බංග්ලාදේශ කඩුලු

මිතුරන් සමග ‌බෙදාගන්න

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශ අතර ඊයේ පැවති තරගය අතරතුර ඇති වූ බහින්බස් වීමේ සිද්ධියට අදාළව වේග පන්දු යවන ක්‍රීඩක ලහිරු කුමාරට සහ බංග්ලාදේශ කඩුලු රකින ක්‍රීඩක ලිටන් දාස්ට දඩ නියම කළ බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය අද නිවේදනය කළේය.

ඒ අනුව, ලහිරු කුමාරට තරග මුදලින් 25%ක දඩ මුදලක් සහ ලිටන් දාස්ට 15 %ක දඩ මුදලක් නියම කර තිබේ.

ක්‍රීඩකයෙකු ප්‍රකෝප කරවන ලෙස හැසිරීම සම්බන්ධයෙන් ලහිරු කුමාර වරදකරු බවට තීරණය කර ඇත.

ලිටන් දාස් වරදකරු වී ඇත්තේ, ක්‍රීඩාවේ ජීව ගුණය ආරක්ෂා කිරීමට අපොහොසත් වීම හේතුවෙනි.

ලිටන් දාස්ගේ කඩුල්ල බිඳ දැමීමෙන් අනතුරුව ලහිරු කුමාර සහ දාස් අතර වචන හුවමාරුවක් සිදුවිය.

පසුව ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සහ විනිසුරුවරුන් එම තත්ත්වය පාලනය කිරීම සඳහා ක්‍රීඩකයින් දෙදෙනා දෙපසකට කළහ.

තවත් පුවත්