කොවිඩ් -සම්බන්ධ සීමාවන් ඉවත් කිරීමෙන් අනතුරුව කොළඹ වරාය නගරයේ සැහැල්ලු යාත්‍රාංගණය සහ වෙරළ තීරය මහ ජනයා වෙනුවෙන් විවෘත කිරීමට මේ වන විට සැලසුම් සකස් කර ඇතැයි වාර්තාවේ.
”පෝර්ට් සිටි” හෙවත් කොළඹ වරාය නගරය ව්‍යාපෘතියට මේ වනවිට වසර 7ක් සම්පූර්ණවී තිබේ.
එහි මුහුද ගොඩකිරීම් සහ අනෙකුත් මුලික කටයුතු 2014 වසරේ දී ආරම්භවූ අතර අදාළ ව්‍යාපෘතියේ මූලික ගොඩකිරීම සහ අභ්‍යන්තර යටිතල පහසුකම් සඳහා සෘජු විදේශ ආයෝජනයක් ලෙස ශ්‍රී ලංකාවට ලැබුණු මුදල ඇමෙරිකානු ඩොලර් බිලියන 1.4ක් වේ.
කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ සංවර්ධන කටයුතු චීන රජය සතු ”චයිනා හාබර් ඉංජිනියරින් සමාගම” විසින් සිදුකරයි.
ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස කොළඹ වරාය නගර පරිශ්‍රය තුළ කොළඹ ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානය ඉදිකිරීම සඳහා කටයුතු යොදා ඇතැයි චයිනා හාබර් ඉංජිනියරින් සමාගම සහ බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන් පිඑල්සී සමාගම් පසුගිය වසරේ නිවේදනය කළේය