A Brand of Non Media Shout (Private) Limited

අපේ හමුදාවට එරෙහිව විදෙස් රටවලදී සාක්‍ෂි ගන්න බැෂලේ ලෑස්ති වෙයි….

ශ‍්‍රී ලංකාවේ හමුදාවට එරෙහි යුද අපරාධ චෝදනා ගැන විමර්ශනය කිරීමට ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට මැන්ඬේට් බලය ඇතැයි මානව හිමිකම් කොමසාරිස් මිචෙල් බැෂලේ ඊයේ (26

මිතුරන් සමග ‌බෙදාගන්න

ශ‍්‍රී ලංකාවේ හමුදාවට එරෙහි යුද අපරාධ චෝදනා ගැන විමර්ශනය කිරීමට ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට මැන්ඬේට් බලය ඇතැයි මානව හිමිකම් කොමසාරිස් මිචෙල් බැෂලේ ඊයේ (26 දා) ප‍්‍රකාශ කර ඇත.

මේ විමර්ශනය සඳහා වූ සාක්‍ෂි ලබාගැනීම ශ‍්‍රී ලංකාවට පමණක් සීමා නොවන බවත් එම සාක්‍ෂි අධිකරණ බලයක් ඇති අධිකරණයකින් ලබාදීමට ක‍්‍රියාකරන බව ද ඇය තවදුරටත් දක්වා තිබේ.

මේ අනුව මෙරට හමුදා නිලධාරීන්ට එරෙහි සාක්‍ෂි ශ‍්‍රී ලංකාවෙන් පිටත විදේශ රටවලදී ලබා ගැනීමට මානව හිමිකම් කවුන්සිලය ක‍්‍රියාකරන බව හෙළිකළේ මුල්වරටය.

මානව හිමිකම් කවුන්සිලයට ශ‍්‍රී ලංකාවට එරෙහි යුද අපරාධ විමර්ශනයක් කිරීමට බලයක් නැතැයි ශ‍්‍රී ලංකා රජය විසින් ප‍්‍රකාශ කර තිබුණි.

තවත් පුවත්