පසුගිය මැයි මාසයේ සිට මේ දක්වා පැවැත්වීමට නොහැකිව තිබූ ශී‍්‍ර ලංකා හොකී සම්මේලන නිලවරණය ලබන නොවැම්බර් මස 02 වැනිදා පැවැත්වීමට තීරණය වී තිබේ. එ් අදාළ නිලවරණයේදී සභාපති ධුරයට තරග කිරීම සඳහා ඉදිරිපත් වූ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කමල් පුෂ්පකුමාර මහතාට සහ දර්ශන විජේසිංහ මහතාට එරෙහිව සිවිල් අභියාචනා මහාධිකරණය විසින් පනවා තිබූ වාරණ නියෝගය ඉවත් කිරීම හේතුවෙනි.
රාජ්‍ය සේවා හොකී සංගමයේ විධායක කමිටුවේ අවසරයකින් තොරව මෙවර නිලවරණයේදී ශී‍්‍ර ලංකා හොකී සම්මේලනයේ සභාපති ධුරය සඳහා කමල් පුෂ්පකුමාර මහතාගේ ඉදිරිපත් වීම සහ රාජ්‍ය සේවා හොකී සම්මේලනයේ ලේකම් දර්ශන විජේසිංහ මහතාගේ ඉදිරිපත්වීම බලරහිත කරන ලෙසට රාජ්‍ය සේවා හොකී සංගමයේ සභාපති මලීන් ලියනගේ මහතා විසින් අධිකරණය හමුවේ විරෝධතාවක් ගොනුකර තිබිණි. එ් අනුව ශී‍්‍ර ලංකා හොකී නිලවරණ කමිටුවේ සාමාජිකයින් දෙදෙනකු සහ කී‍්‍රඩා අමාත්‍යවරයා විසින් පත් කළ ශී‍්‍ර ලංකා හොකී සම්මේලනයේ නිසි බලධාරියා ඇතුළු පිරිසක් එහිදී අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස දක්වා තිබිණි.
කෙසේ වෙතත් මෙහිදී අගතියට පත් කමල් පුෂ්පකුමාර සහ දර්ශන විජේසිංහ පාර්ශ්වය විසින් අදහස් දක්වමින් රාජ්‍ය සේවා හොකී සංගමයේ සභාපතිවරයා ගොනුකළ පෙත්සම නිශ්ප‍්‍රභ කරන ලෙසට ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා ඉදිරියේ පෙත්සමක් ගොනුකර කර තිබිණි. එ් අනුව එහිදී සඳහන් වූ කරුණු සලකා බලා අගතියට පත් පාර්ශ්වයට හොකී සම්මේලන නිලවරණයට ඉදිරිපත් වීම සඳහා සිවිල් අභියාචනා මහාධිකරණය අවසර ලබා දී තිබේ.
එ් අනුව රෝහණ දිසානායක මහතා සහ කමල් පුෂ්පකුමාර මහතා ශී‍්‍ර ලංකා හොකී සම්මේලනයේ සභාපති ධුරයට මෙවර තරග වදිනු ලබයි. මෙම පාර්ශ්ව දෙක කණ්ඩායම් දෙකක් ලෙස අදාළ නිලවරණයේදී තියුණු තරගයකට අවතීරණ වී සිටී.