රුසියාවේ සංචාරයක නිරත යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා නිරන්තර සූදානම සේනාංකය ලෙස ප්‍රකට මොස්කව් නිවුර 4 වැනි ආරක්ෂක සන්නද්ධ රථ සේනාංකයේ අත්දැකීම් ලබා ගැනීමේ සංචාරයක නිරත විය.
මෙම සේනාංකය නිෂ්පාදනය කරනු ලබන සන්නද්ධ රථ, ඒ සඳහා යොදා ගන්නා උපකරණ සහ ලෝහමය ද්‍රව්‍ය මෙන්ම එහි නිෂ්පාදන ක්‍රියාවලිය පිළිබඳව 4 වන ආරක්ෂක සේනාකයේ, සේනාංකාධිපති මේජර් ජනරල් ව්ලැඩ්මියර් ස්වාඩ්ස්කි මහතා මෙහිදී යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා දැනුවත් කර තිබේ.
ශ්‍රී ලංකා යුද හමුදාපතිතුමන්ට දක්වන ඉහළ ගෞරවයක් වශයෙන් මෙහිදී සජීවී වෙඩි තැබීමේ නිදර්ශනයක් ද පවත්වා තිබුණි.
ඉන්ධන ඉතිරි කරගනිමින්, පරිසරයට හිතකාමී ලෙස සන්නද්ධ රථ ධාවනය සහ වෙඩිතැබීම පිළිබඳ පුහුණු කිරීම මෙන්ම තාක්ෂණික දැනුම හුවමාරු කරගැනීම සඳහා ශ්‍රී ලංකා යුද හමුදාවට පුහුණු වැඩසටහන් ලබා දීමට ද මෙහිදී එකඟතාව පලව තිබේ .