A Brand of Non Media Shout (Private) Limited

වගකීම් විරහිත හැසිරීම් නිසා කොවිඩ් යළි හිස ඔසවනවා… පීඑච්අයි සංගමයේ සභාපති

රට වසා තැබීමෙන් අවම මට්ටමක පවත්වාගැනීමට හැකි වූ ආසාදිතයන් වාර්තාවීම හා කොවිඞ් මරණ යම්තාක් දුරට වැඩිවෙමින් තිබෙන බවත් ඊට හේතුව මහජනතාව සෞඛ්‍ය උපදෙස් අනුව

මිතුරන් සමග ‌බෙදාගන්න

රට වසා තැබීමෙන් අවම මට්ටමක පවත්වාගැනීමට හැකි වූ ආසාදිතයන් වාර්තාවීම හා කොවිඞ් මරණ යම්තාක් දුරට වැඩිවෙමින් තිබෙන බවත් ඊට හේතුව මහජනතාව සෞඛ්‍ය උපදෙස් අනුව කටයුතු නොකිරීම බවත් සමස්ත ලංකා මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසයි.

වත්මන් කොවිඞ් තත්ත්වය පිළිබ`දව මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්න කිහිපයකට පිළිතුරු සපයමින් ඒ මහතා මෙසේද පැවසීය.

‘‘අපි ඉකුත් සතිය පුරාවට මහජනතාව දීර්ඝ සංචාරවල යෙදෙමින් බීච් පාටි දමමින් රෝගය පැතිරෙන ආකාරයට විනෝදවන ආකාරය දැක්කා. ඒ කිසි අවස්ථාවක සෞඛ්‍ය උපදෙස් අනුව කටයුතු කිරීමක් අපි දැක්කෙ නැහැ. ඒ තත්ත්වය මත ඉදිරි දෙසතියේ රෝගීන් වාර්තාවීම ඉහළ යා හැකියි. ඒ ඒ කණ්ඩායම් මගින් පොකුරු වර්ධනය වී දෙසැම්බර් මාසය වනවිට රෝගීන් විශාල සංඛ්‍යාවක් බවට වර්ධනය විය හැකියි. දැනට එන්නත්කරණය සාධනීය අන්දමින් සිදුව ඇති නිසා ආසාදිත සංඛ්‍යාව වැඩිවුවත් මරණ සංඛ්‍යාවේ අඩුවක් දක්නට ලැබේවි. මේ වනවිට මුහුණු ආවරණ පැළ`දීම ඉතාම අවම මට්ටමක පවතිනවා. දෙසැම්බරය වනවිට අනපේක්‍ෂිත තත්ත්වයක් උද්ගතවේවි යැයි පෙනෙනවා.

දෙසැම්බර් උත්සව සමයේ වගකීම් විරහිතව කටයුතු නොකළොත් සිදුවෙන්නෙ ලබන වසරෙත් මේ ලෙසින් දිවිගෙවීමටයි. එමනිසා වගකීමෙන් හැසිරී මෙම වසංගතය රටෙන් අතුගා දැමීම සැමගේම වගකීමක්.

තවත් පුවත්