A Brand of Non Media Shout (Private) Limited

සහල්, සීනි ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයක්….

වෙළෙඳපොළේ සහල්, සීනි ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩවල හිඟයක් පවතින බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංගමයේ සභාපති රංජිත් විතානගේ මහතා පැවසීය. ඇතැම් වෙළෙඳසල්වල සහල්, සීනි ඇතුළු අත්‍යවශ්‍ය

මිතුරන් සමග ‌බෙදාගන්න

වෙළෙඳපොළේ සහල්, සීනි ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩවල හිඟයක් පවතින බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංගමයේ සභාපති රංජිත් විතානගේ මහතා පැවසීය. ඇතැම් වෙළෙඳසල්වල සහල්, සීනි ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ තිබුණත් මිල ගණන් ඉහළ යෑම සහ සීමාකර භාණ්ඩ ලබාදෙන බවට මහජනතාව තම සංගමයට දැනුම් දී ඇතැයි ද ඔහු කීය.

වෙළෙඳපොළ තුළ සිමෙන්ති හිඟයක් ද පවතින බවත් ඇතැම් වෙළෙඳුන් සිමෙන්ති කොට්ටයක් රුපියල් 1500 ක් වැනි මිලකට අලෙවි කරන බවත් එය මිලදී ගැනීමට වෙනත් අමුද්‍රව්‍ය ද මිලදී ගැනිමට ජනතාවට සිදු වි ඇති බවත් විතානගේ මහතා කීය. විශේෂයෙන් පාලන මිලක් නැති නිසා ඇතැම් භාණ්ඩවලට උදයට එක මිලක් ද සවසට තවත් මිලක් ද ගෙවීමට සිදුවන බව මහජනතාව පවසන බව ද විතානගේ මහතා වැඩිදුරටත් කීය.

තවත් පුවත්