A Brand of Non Media Shout (Private) Limited

‘වොරියර්ස් අභියෝග කුසලාන’ සත් සාමාජික රග්බි තරගාවලිය අද ඇරැඹේ…

කොළඹ තිඹිරිගස්යායේ පිහිටි ශ‍්‍රී ලංකා පොලිස් ක්ෂේත‍්‍ර බළකා මූලස්ථාන  ක‍්‍රීඩාංගණයේ දී ක‍්‍රියාත්මක කෙරෙන ‘වොරියර්ස් අභියෝග කුසලාන’ සත් සාමාජික රග්බි පාපන්දු තරගාවලියේ ශූරතාව දිනා ගැනීම

මිතුරන් සමග ‌බෙදාගන්න

කොළඹ තිඹිරිගස්යායේ පිහිටි ශ‍්‍රී ලංකා පොලිස් ක්ෂේත‍්‍ර බළකා මූලස්ථාන  ක‍්‍රීඩාංගණයේ දී ක‍්‍රියාත්මක කෙරෙන ‘වොරියර්ස් අභියෝග කුසලාන’ සත් සාමාජික රග්බි පාපන්දු තරගාවලියේ ශූරතාව දිනා ගැනීම උදෙසා කණ්ඩායම් 10 ක් සෙනසුරාදා (අද) සහ ඉරිදා (හෙට) තරග වදී.

අශාන් බණ්ඩාරගේ නායකත්වයෙන් ශ‍්‍රී ලංකා යුද හමුදා ‘ඒ’ පිල ද චමත් ප‍්‍රනාන්දු ගේ නායකත්වයෙන් ශ‍්‍රී ලංකා යුද හමුදා ‘කෝල්ට්ස්’ පිල ද, නුවන් පෙරේරා ගේ නායකත්වයෙන් ශ‍්‍රී ලංකා ගුවන් හමුදා ‘ඒ’ පිල ද, සූර්ය ක‍්‍රිශාන් ගේ නායකත්වයෙන් ශ‍්‍රී ලංකා ගුවන් හමුදා ‘බී’ පිල ද, අධීෂ වීරතුංගගේ නායකත්වයෙන් ශ‍්‍රී ලංකා නාවික හමුදා ‘ඒ’ පිල ද, ලහිරු හේරත් ගේ නායකත්වයෙන් ශ‍්‍රී ලංකා නාවික හමුදා ‘බී’ පිල ද, ඉරෝෂන් සිල්වාගේ නායකත්වයෙන් ශ‍්‍රී ලංකා පොලිස් ‘ඒ’ පිල ද, නිසල් සමාධි ගේ නායකත්වයෙන් ශ‍්‍රී ලංකා පොලිස් ‘ග‍්‍රිෆීන්ස්’ පිල ද, සුදර්ශන මුතුතන්ත‍්‍රී ගේ නායකත්වයෙන් මෙට්ලන්ඞ් පෙදෙසේ පිහිටී සී. එච්. ඇන්ඞ් එෆ්.සී. පිල ද, සෙනාල් ඞීලක ගේ නායකත්වයෙන් ඉසිපතන පෙදෙසේ පිහිටී හැව්ලොක්ස් ක‍්‍රීඩා සමාජය ද මෙම තරගාවලියට ඉදිරිපත් වෙති.

‘ඩයලොග්’ ආසියාටා සමාගමේ අනුග‍්‍රාහක ශක්තිය ඇතිව ත‍්‍රිවිධ හමුදාව සහ පොලිසිය එක්ව සංවිධානය කර ඇති මෙම තරගාවලියේ මූලික වටයේ තරග කාණ්ඩ 03 ක් යටතේ ලීග් ක‍්‍රමයට සෙනසුරාදා (30) දින පැවැත්වේ.

මෙහි අර්ධ අවසන් පූර්ව වටය සහ අවසන් පූර්ව වටය මෙන්ම ‘කුසලාන’, ‘පළඟ’, ‘බඳුන’, ‘පලිහ’ අවසාන මහා තරග සහිත ජය සංඛේත ප‍්‍රදානය ඉරිදා (31) දින සිදු කෙරේ.

අනිල් ජයසිංහ මහතාගේ කළමනාකාරීත්වයෙන් සැදුම්ලත් වන තීරක හා විනිශ්චය ම`ඩුල්ලට ඩිංකා පීරිස්, රොහාන් ප‍්‍රනාන්දු, මාධව විජේසිරි, නිල්කෝ බණ්ඩාර, තුවාන් මොහොමඞ් අසීස්, ප‍්‍රියන්ත ගුණරත්න, ආකීල් ජමාල්ඞීන්, දිලූ දීෂණ, ඉසංක අභයකෝන්, ඉසුරු පෙරේරා, ගිහාන් යටවර, රවීන් ඇලෙක්සැන්ඩර්, චාමර සියඹලාපිටිය, හසන්ත වේරගම, ප‍්‍රදීප් ඉන්දික, දීපාල් පුණ්‍යවර්ධන, අනිල් මංගල, ගිහාන් කාවින්ද සහ රංජිත් කුමාර යන මහත්වරුන් අයත් වෙති.

මූලික වටයේ කණ්ඩායම් පෙළ ගැස්ම

‘ඒ’ කාණ්ඩය

සී. එච් ඇන්ඞ් එෆ්.සී.

යුද හමුදාව ්

ගුවන් හමුදාව ඊ

නාවික හමුදාව ඊ

‘බී’ කාණ්ඩය

පොලිස් ්

හැව්ලොක්ස්

යුද හමුදාව ‘කෝල්ට්ස්’

‘සී’ කාණ්ඩය

ගුවන් හමුදාව ්

නාවික හමුදාව ්

පොලිස් ‘ග‍්‍රිෆීන්ස්’

අනුරුද්ධ හේරත් බණ්ඩාර

තවත් පුවත්