A Brand of Non Media Shout (Private) Limited

තහනමෙන් පසු මෙරටට වාහන ගෙන්වා නෑ… රේගුව කියයි

වාහන ආනයනය තහනම් කිරීමෙන් පසු වාහන රටට ගෙන්වා නැතැයි රේගු මාධ්‍ය ප‍්‍රකාශක සුදත් සිල්වා මහතා පැවසීය. වාහන ආනයනය තහනම් කර තිබියදී සුඛෝපභෝගී වාහන 400

මිතුරන් සමග ‌බෙදාගන්න

වාහන ආනයනය තහනම් කිරීමෙන් පසු වාහන රටට ගෙන්වා නැතැයි රේගු මාධ්‍ය ප‍්‍රකාශක සුදත් සිල්වා මහතා පැවසීය.

වාහන ආනයනය තහනම් කර තිබියදී සුඛෝපභෝගී වාහන 400 ක් කොළඹට ගෙන්වා ඇති බවට ප‍්‍රචාරය වුවත් එම වාහන පසුගිය වසරේ (2020) මැයි, ජුනි මාසවල වරායට පැමිණි වාහන බව ද ඔහු කීය. වාහන ආනයනය පසුගිය වසරේ අපේ‍්‍රල් මස තහනම් කරන විට ඇණවුම් කර තිබූ පිරිසගේ වාහන වරායට පැමිණි බවත්, එම වාහන ද එහි හිමිකරුවන් වෙත ලබානොදී වරායේ තිබෙන බවත් පැවසූ ඒ මහතා, එම වාහන රාජසන්තක කර අලෙවි කරනවාද නැද්ද කියාවත් තවම තීරණයක් ගෙන නැතැයි ද පැවසීය.

වාහන ආනයනය තහනම් කිරීමත් සමඟ බැංකු මගින් ණයවර ලිපි නිකුත්කිරීම අත්හිටුවා ඇති නිසා වාහන ගෙනඒමක් පසුගිය වසරේ සිට සිදුවී නැතැයි ද ඔහු වැඩිදුරටත් පැවසීය.

තවත් පුවත්