A Brand of Non Media Shout (Private) Limited

අමෙරිකානු සහ ප්‍රංශ ජනපතිවරු අතර මත ගැටුමක්….

බ්‍රිතාන්‍ය, අමෙරිකාව සහ ඔස්ට්‍රේලියාව අතර ඇතිවූ ආරක්ෂක ගිවිසුම හේතුවෙන් තම රටට බිලියන ගණනක මුදලක් අහිමි වූ බව ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් පවසයි. අමෙරිකානු ජනාධිපති

මිතුරන් සමග ‌බෙදාගන්න

බ්‍රිතාන්‍ය, අමෙරිකාව සහ ඔස්ට්‍රේලියාව අතර ඇතිවූ ආරක්ෂක ගිවිසුම හේතුවෙන් තම රටට බිලියන ගණනක මුදලක් අහිමි වූ බව ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් පවසයි.

අමෙරිකානු ජනාධිපති බයිඩ්න් සහ ප්‍රංශ ජනාධිපතිවරයා අතර පැවති හමුවකදී ඔහු මේ බව පවසා තිබූ බව විදෙස් වාර්තා සඳහන් කරයි.

රෝමයේ විලා බොනපාට්හි පිහිටි ප්‍රංශයේ වතිකානු තානාපති කාර්යාලයේ මෙම හමුව සිදුව තිබුණි.

ඕස්ට්‍රේලියාවට න්‍යෂ්ටික බලයෙන් ක්‍රියා කරන සබ්මැරීන නිෂ්පාදනය කිරීමට ගිවිසුම්ගතවීමෙන් පසු ප්‍රංශ සහ අමෙරිකානු ජනාධිපතිවරුන් අතර පැවති පළමු හමුව මෙය බවද විදෙස් වාර්තා පෙන්වා දෙයි.

අදාළ ගිවිසුම හේතුවෙන් සිය රටට බිලියන 37ක මුදලක් අහිමි වූ බව ප්‍රංශ ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කර ඇත.

තවත් පුවත්