A Brand of Non Media Shout (Private) Limited

ඉන්දියාව ටිබෙට් දේශසීමාවේ යුද ශක්තිය ඉහළ නංවයි

චීනය විසින් හිමිකම් ප්‍රකාශ කරන එහෙත් ඉන්දියාව විසින් පලානය කරන ටිබෙටයට සහ භුතානයට යාබද ත්වාන්ග් තැනිතලාව ආශ්‍රිත දේශසීමාවේ යුද ශක්තිය වැඩි කිරීමට ඉන්දියාව පියවර

මිතුරන් සමග ‌බෙදාගන්න

චීනය විසින් හිමිකම් ප්‍රකාශ කරන එහෙත් ඉන්දියාව විසින් පලානය කරන ටිබෙටයට සහ භුතානයට යාබද ත්වාන්ග් තැනිතලාව ආශ්‍රිත දේශසීමාවේ යුද ශක්තිය වැඩි කිරීමට ඉන්දියාව පියවර ගෙන තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, නැගෙනහිර ටිබෙටය හරහා චීනයට මායිම් වන මෙම කාලපයේ හමුදාව අති නවීන තාක්ෂණික අවිවලින් සන්නද්ධ කිරීමට ඉන්දියාව පියවර ගෙන ඇති බවයි.

මෑතකදී ඇමරිකාවෙන් මිලදී ගත්, චීනුක් හෙලිකොප්ටර් සැහැල්ලු හොවිට්සර් අවි මෙන්ම ඉන්දියාවේ නිෂ්පාදනයක් වන සුපර්සොනික් කෲස් මිසයිල ද මෙම කලාපයේ හමුදා වෙත ලබාදී ඇතැයි සදහන්.

මෙම කලාපයේ රැදී සිටින ඉන්දීය හමුදාව වෙත කදුකර සටන්වලට අදාළව විශේෂ පුහුණුවීම් රැසක්ද ලබාදී තිබෙනවා.

මේ අතර සිය දේශසීමා ආරක්ෂාවට අදාළ නව නීතියක් සම්මත කිරීමට චීනය පසුගියදා කටයුතු ක⁣ළා.

ලබන වසරේ ජනවාරි පළමුවනදා සිට ක්‍රියාත්මක වන මෙම නව නීතිය මගින් දේශසීමාව ආරක්ෂා කිරීම සදහා චීනයේ සන්නද්ධ හමුදා වෙත පුලුල් බලයක් පැවරෙන බව සදහන්.

මේ පසුබිම තුළ නැගෙනහිර ටිබෙටය ආශ්‍රිත ඉන්දීය දේශසීමාව ඉදිරි කාලසීමාවේදී දැඩි උණුසුම් කලාපයක් වනු ඇති බවට විශ්වාස කෙරෙනවා.

තවත් පුවත්